දේශීය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කූඨ ලෙස විකුණන ලදැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයාට අයත් රුපියල් ලක්ෂ දහයක මුදලක් හා ටී 56 වර්ගයේ ගිනි අවියක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබීය.

වැටලීම්වලින් ලබාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ගාල්ල, බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී හාල් උරවල බහා අසුරා ඇත්තේද මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මූලිකත්වයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 99ට අධික ප්‍රමාණයක් නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හතර දෙනකු හා සිවිල් පුද්ගලයකු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More