විදේශ පුවත්

පසුගියදා පකිස්තානයේ කරච්චි නුවර පිහිටි පකිස්තාන “කොටස් වෙළඳ පොළ” පරිශ්‍රයට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියානු ඔත්තු සේවා විසින් මෙහෙය වූවක් බව පකිස්තානු අගමැති ඉම් රාන් ඛාන් මහතා පවසන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.

කෙසේ වුවද ඉන්දියානු බලධාරීන් පකිස්තානු අගමැතිවරයාගේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව මාධ්‍යය වාර්තා කර සිටී.

ජූනි 29 වනදා එරට වේලාවෙන් දහවල් 10.00ට පමණ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සේවය නිමවී යන පොලිස් නිළධාරීන් ලෙස වෙස් වලාගත් ත්‍රස්තයන් පිරිසක් “කොටස් වෙළඳ පොළ” පරිශ්‍රයට ඇතුළු වී එල්ල කර ඇති බව පකිස්තානු ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරය සඳහා ත්‍රස්තයන් හතර දෙනෙකු සහභාගි වී ඇති අතර ග්‍රේනේඩ් සහ ඒ.කේ 47 වර්ගයේ ප්‍රහාරක අවි යොදාගෙන ඇත.

 

ප්‍රහාරය හේතුවෙන් පකිස්තානු පොලිස් නිළධාරියෙකු සහ “කොටස් වෙළඳ පොළ” පරිශ්‍රයේ ආරක්ෂවට සිටි නිළධාරීන් දෙදෙනෙකු මියගොස් ඇත. සිවිල් වැසියන් හත්දෙනෙකුද තුවාල ලබා ඇත. කෙසේ වුවද ප්‍රහාරකයන් සියළු දෙනාවම ඝාතනය කිරීමට පකිස්තානු ආරක්ෂක අංශ සමත් විය.ප්‍රහාරය බලුකිස්ථාන විමුක්ති හමුදාව විසින් භාර ගෙන ඇත.

2000 වර්ෂයේදී නිර්මාණය කරන ලද බලුකිස්තාන විමුක්ති හමුදාව පකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ ප්‍රාන්තයක් වන බලුකිස්තානය වෙනම රටක් බවට පත් කර ගැනීම වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද සංවිධානයකි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More