දේශීය පුවත්

MCC එකඟතා මත මෙරටට මුදල් ප්‍රදානය නොකළ බවට අමෙරිකාව කරන ප්‍රකාශය සත්‍යය නම් අවස්ථා දෙකකදී අස්සන් කළ ගිවිසුම් පිළිබඳව අමෙරිකාව කරුණු පැහැදිළි කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ අතර පසුගියදා ප්‍රසිද්ධියට පත් කළ MCC සමාලෝචන වාර්තාව පිළිබඳ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දැනුවත් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (30) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දුරකථන සංවාදයක නිරත වූ බවයි.

පසුගිය දා ප්‍රකාශයට පත් කළ MCC සමාලෝචන වාර්තාව ගැන එම සංවාදයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය ලේකම්වරයාව දැනුවත් කර තිබේ.

මේ අතර උදය ගම්මන්පිල මහතා අද පෙන්වා දුන්නේ MCC එකඟතා මත මෙරටට මුදල් ප්‍රදානය නොකළ බව අමෙරිකාව පැවසුවත් එසේ කළ බව ඇඟවෙන අවස්ථා දෙකක් සම්බන්ධයෙන් සැකයන් පවතින බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More