තමාගේ බලප්‍රදේශයේ බරපතල අපරාධ සිදුවීම් පාලන කළ නොහැකි නම් එම ප්‍රදේශවල උසස් පොලිස් නිලධාරීන් නිළ ඇඳුම් ඇඳීමට ලැජ්ජා විය යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඒ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යංශයේදී උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ අපරාධ පිළිබඳ පියවර ගැනීමෙන් තොරව උසස් පොලිස් නිලධාරින්ට අතයොදාගත නොහැකි බවය.
යම් ප්‍රදේශයක අපරාධ බහුල වෙනවා නම් පොලිස් නිලධාරීන්ට ගෞරවයක් නොලැබෙන බවට අවධාරණය කළ ඔහු කෙටි කලක් තුළ අපරාධ මැඬලීමේ ඉලක්ක ලබා දිය යුතු බවද පවසා ඇත.
මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය පොලිස් නිලධාරීන්ට කෙසේ දැනුනත් මහජනයාගේ දැඩි වරප්‍රසාදයට ලක්වන බව උසස් පොලිස් නිලධාරියෙකු ලංකා ලීඩ් වෙත පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...