දේශීය පුවත්

අන්තවාදී ආගමික අදහස් පතුරුවන පුද්ගලයන් තවදුරටත් ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල කිරීමේ අනතුර බැහැර කළ නොහැකි බව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන්ද සිල්වා මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ඊයේ (30 දා) පැවසීය.

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ තව්හිද් ජමාත් සංවිධානය යටතේ පුහුණුව ලැබූ පුද්ගලයන් හම්බන්තොට ප‍්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගෙන ඇති බව පැවසූ ඒ මහතා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ මාතර ප‍්‍රදේශයේ පල්ලියක් අසල නිකරුණේ ගැවසුණු ත‍්‍රිකුණාමල ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකු ද පසුගිය දිනවලදී අත්අඩංගුවට පත්වූ බවයි.

පසුගිය කාලයේ දී ගිංතොට ප‍්‍රදේශයේ ඇතිවූ  ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳව ද කොමිෂන් සභාව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටි අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ අන්තවාදී අදහස් පතුරුවන ලද පුද්ගලයන්ව සිංහල සහ මුස්ලිම් යන දෙපාර්ශ්වය විසින්ම එක්ව පහරදීම පිළිබඳව ද වාර්තා වී ඇති බවයි.

එම කොමිෂන් සභාව ඊයේ දිනයේදී අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන්

රැුස්විණි. එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වනුයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා, විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා, විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතා, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් මංගලිකා අධිකාරි මහත්මියයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More