ප‍්‍රධාන පුවත්

නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය පාලනය කර ගත්තද රට ඇත්තේ “අවදානම් තත්ත්වයක” යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (30) පැවැසීය.

සජීවීව රට වැසියන් අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය.

ඉන්දියාව තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතූ හයවැනි අවස්ථාව මෙය වේ.

අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 560,000 ඉක්මවා ගොස් ඇති අතර එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 16,000 පසු කර ගොස් ඇත.

“ජනතාව දැන් වගකීම් විරහිතව හැසිරෙනවා. වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව පියවර ගන්න ඕනෑ” යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.

මේ වනවිට ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ  ඉන්දියාවෙනි. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පැතිර යෑම පාලනය කිරීම සඳහා ඉන්දියාව පසුගිය ජූනි මාසයේදී “ලොක්ඩවුන්” සීමා පැනවූ අතර සති 10කට පසු ජූනි මස මුලදී එම සීමා ලිහිල් කළේය . එහෙත් ඉන්පසුව ඉන්දියාවෙන් දිගින් දිගටම, දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.

අල්ජසීරා/රොයිටර්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More