දේශීය පුවත්

මහත් ආන්දෝලනයට තුඩු දුන් අරන්තලා භික්ෂු ඝාතනය සිදු කර දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණි.

අරන්තලා ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පූජ්‍ය ආදාඋල්පත බුද්ධසාර ස්වාමීන් වහන්සේයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළේ. උන් වහන්සේ පවසන්නේ කොටි ත්‍රස්තයන් 1987 වසරේ ජුලි මස දෙවනදා එල්ල කළ ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේ 31 නමක සහ සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණු බවයි.

සිද්ධියට සම්බන්ධ ත්‍රස්තයින් ගණනාවක් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔවුන්ට එරෙහි මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැති බවත් පෙත්සම්කාර හිමියන් පවසයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් කෝටි 2 ක වන්දියක් රජයෙන් අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයිද උන් වහන්සේ සිය පෙත්සමෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More