දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ සොයා බැලීමට වත්මන් ආණ්ඩුව පත්කළ විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව මෙම ගිවිසුම අත්සන් තැබීම කිසි ලෙසකින්වත් අනුමත නොකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29 වැනිදා) බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සෝෆා, ඇක්සා සහ එම්.සී.සී. යන ගිවිසුම් තුනම ඉන්දු පැසිෆික් යුද උපායික මාර්ගයේම කොටස් තුනක් හැටියට දැකීම නිවැරදි බව එම වාර්තාවේ දැක්වෙන්නේ යැයිද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

එම්.සී.සී. ගිවිසුමට අදාළව පසුගිය ආණ්ඩුව විසින් හොර රහසේ අත්සන් තැබූ ගිවිසුම් දෙකක්ද ඇති බැවින් මේ වන විට ඇමෙරිකානු තානාපති කාර්යාලය මීට නෛතික බැඳීමක් ඇතැයි සිතා අරලියගහ මන්දිරයේ තිබූ එම්.සී.සී. කාර්යාලය රහසිගතව දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයිද ඇමැතිවරයා කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

‘‘මේ ගිවිසුම්වලින් එළියට එන්න, පාර්ලිමේන්තුව ඇතුළේ තුනෙන් දෙකක බලයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අරලියගහ මන්දිරය ඇතුළට වෙලා මේ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ චරිත රත්වත්ත. මේ කමිටි වාර්තාවේ තියෙනවා අත්සන් තැබූ ගිවිසුම් දෙකට අදාළව ඇමෙරිකා ඩොලර් මිලියන දහයක් ලබාගත් බව. චරිතගේ දුව ඉන්නෙත් ඇමෙරිකාවේ. එම්.සී.සී. ගැන කතා කරන්න කියලා ඒ කාලේ චරිත රත්වත්ත දුව බලන්නත් ඇමෙරිකාවට ගියා. මේ ඩොලර් මිලියන දහය ඒවටත් වියදම් වුණාද දන්නේ නෑ. රනිල් වික්‍රමසිංහලා, චරිත රත්වත්තෙලා මේ මුදල්වලට මොකද වුණේ කියලා උත්තර දෙන්න ඕන.

එම්.සී.සී. ගිවිසුම අදියර කිහිපයකට සැලසුම් කළ දෙයක්. මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය, ඉඩම් සංගණනය කරලා ඩිජිටල් වාර්තාවක් සෑදීම සහ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පිහිටුවන විශේෂ නීති පද්ධතියක් වැනි අදියර ගණනාවක් තියෙනවා. මේක ආණ්ඩුවක් ඇතුළේ ආණ්ඩුවක් හදනවා තරම් බරපතළයි.

මෙතනින් දෙකකට අදාළව ගිවිසුම් අත්සන් කරලා. දින 52 ආණ්ඩුව නොතිබුණා නම් තවත් ගිවිසුමක් අත්සන් කරන්න ඉඳලා තියෙන්නේ. අන්තිමට ඇමෙරිකාව බලන්නේ ලංකාව ඔවුන්ගේ මිලිටරි තිප්පොළ බවට පත් කරන්න. ලස්සන වචන ටිකක් එක්ක.

මේ ගිවිසුම් විතරක් නෙවෙයි පසුගිය ආණ්ඩුව හොරට අත්සන් තැබූ ගිවිසුම් තව ඕනෑතරම් තියෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව ගිවිසුමක් කාටත් හොරෙන් අත්සන් කළා ඉන්දියාව, ජපානය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්ක. නැගෙනහිර පර්යන්තය කොළඹ වරායට තිබුණ විශාලම සම්පත. ඒ ඒදා හිටපු වරාය ඇමැතිලා ජනාධිපති නියෝග නොසලකා හැරලා තමයි මේ ගිවිසුම්වලට අත්සන් තැබුවේ.

මේ ගිවිසුම්වලින් එළියට එන්න නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි. තුනෙන් දෙකක බලයක් නැතුවම ජනාධිපතිවරයා කොවිඩ් වසංගතය පාලනය කළා. තුනෙන් දෙකක බලය තිබුණා නම් මීටත් වඩා සාර්ථකව මේ ප්‍රශ්නෙට අපි මුහුණ දෙනවා. අද එජාපය සීසීකඩ විසිරිලා ඉවරයි. වලිගේ එක තැනක, හොඬවැල තව තැනක. අසමත් පක්ෂයක් කෙරෙහි පාරම්පරික එජාප පාක්ෂිකයන් අද බලන්නේ නෑ.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More