ව්‍යාපාරික පුවත්

අර්බුදයට ගොස් ඇති ඊටීඅයි මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29දා) මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක‍්‍රියාමාර්ග අධීක්ෂණය කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඊටීඅයි සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය සොයා බැලීම පිණිස ඊයේ (29දා) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

ඊටීඅයි ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. මහ බැංකුව මේ සමාගම් සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡුාවට ලක් කෙරිණ.

මේ ආයතන දෙකෙහිම ලක්ෂ 06ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියන්ට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදු කෙරේ. ආයතන දෙක සතු සියලූ දේපළ අත්පත් කරගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ටද සාධාරණය ඉටුකළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මීළඟ මුදල් මණ්ඩල රැුස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක‍්‍රියාකරන බවට මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා මේ සාකච්ජාවේදී සහතික විය.

මහ බැංකුවේ අඩු පාඩු නිවැරදි කොට ජනතාවට සෘජුව බලපාන ප‍්‍රශ්න විසඳීමටත්, ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී කීය.

ඊටීඅයි සහ ද ෆිනෑන්ස් ආයතන සතු දේපළ හඳුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බව ද මූල්‍ය ආයතනවලට ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක‍්‍රියාකරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහ ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ගේ නියෝජිත කණ්ඩායමක් සාකච්ඡාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More