රජයට භාරදුන් එම්සීසී ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටු අවසන් වාර්තාව ලබන සතියේ නිල වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
කැබිනට් මණ්ඩලය ප‍්‍රමුඛ රජය මෙහි අන්තර්ගතයේ අඩංගු කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ගනු ලබන තීරණය රටට ප‍්‍රකාශයට පත්කරන බවද ඒ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පත්කෙරුණු සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පසුගියදා එම කමිටුව විසින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට භාරදෙනු ලැබීය.
මේ පිළිබ`දව රජය කටයුතු කරන්නේ ඉතා විනිවිදභාවයකින් බව පැවසූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා තම රජය රටට අහිතකර කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන බවත් ස`දහන් කළේය.
වාර්තාවක් කැ`දවූ පසු එම වාර්තාව හො`දින් අධ්‍යයනය කළ යුතු වන අතර, මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් ආවට ගියාට ආවේගශීලීව කටයුතු කළ නොහැකි බවත්, කරුණු හොඳින් අධ්‍යයනය කිරීම රජයේ යුතුකම බවත් පැවසූ ජී.එල්. පීරිස් මහතා මෙහි සියලූ පැතිකඩ සලකා බලා සෑම දෙයක්ම රටට ප‍්‍රකාශ කරන බවත් රජය තීරණ ගන්නේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බවත් ස`දහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජී.එල්. පීරිස් මහතා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...