දේශීය පුවත්

පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව දීර්ඝ කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව අද (30 වැනිදා) රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.

ඡන්දය විමසීම 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර, එය තවත් පැයකින් දීර්ඝ කිරීම සම්බන්ධව අද දිනයේදී අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.

මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී තිබෙන කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණ කටයුතු සිදුකිරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය සඳහා ද වැඩිවේලාවක් ගත වේ. එබැවින් ඡන්දය විමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තවත් කාරණා රැසක් පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාව අද (30 වැනිදා) සාකච්ඡා කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නාත්තන්ඩියේ කොවිඩ් වැළඳුණු කාන්තාව හඳුනාගත් හැටි – ගෙදර එනකොටත් කැස්ස තිබිලා

කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට අද (9) දිනයේ තහවුරු වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශක කාන්තාව පසුගිය 03 වන දා නිවාඩු ලබා නාත...


Read More

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ සියලු තොරතුරු නිලධාරීන්ම ‘වෙලේ සුදාට’ දීලා

තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි කාලය තුළ දී එහි වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත නිලධ...


Read More

කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා...


Read More