ව්‍යාපාරික පුවත්

පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදයේ දී අසීරුතාවට පත් ව්‍යවසායකයින්ගේ ආර්ථිකයන් නැවත ගොඩනැංවීමේ පියවරක් ලෙස සිය අරමුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 140කින් ශක්තිමත් කර ගැනීමට ලංකා බැංකුව සූදානම් වේ. ලංකා බැංකුව මෙලෙස අතිරේක ඩොලර් මිලියන 140ක් ලබා ගැනීමට සූදානම් වන්නේ ලොව විශාලතම සංවර්ධන මූල්‍ය ආයතනය වන චීන සංවර්ධන බැංකුව වෙතින් වන අතර ඊට අදාළ ගිවිසුම අද (30දා) අත්සන් තැබීමට නියමිතය.

ආකර්ෂණීය අනුපාතයන් යටතේ ලබා ගන්නා බව ප්‍රකාශිත මෙම ණය මුදල් ඩොලර් මිලියන 70 බැගින් මේ වසරේ අගෝස්තු සහ දෙසැම්බර් මාසවල දී ලංකා බැංකුව සිය අරමුදල්වලට එක් කිරීමට නියමිතය. මීට අමතරව තවත් බහු පාර්ශ්වීය ණය ලබා දෙන්නන් දෙදෙනෙකුගෙන් ආකර්ෂණීය මිල ගණන් යටතේ තවත් ඩොලර් මිලියන 250ක දිගුකාලීන අරමුදල් සම්පාදනය කර ගැනීමට ද ලංකා බැංකුව කටයුතු කරමින් සිටී.

මීට පෙර 2009 වර්ෂයේ දී ලංකා බැංකුව පළමු වරට චීන සංවර්ධන බැංකුව සමග ණය ගිවිසුමකට එළැඹි අතර අද දිනයේ එළැඹීමට නියමිතව ඇත්තේ චීනය සමග වූ දෙවැනි ගිවිසුමටයි. පසුගිය සිකුරාදා (26දා) මෙම ගිවිසුම පිළිබඳව අවසන් සාකච්ඡාව පැවැති අතර ඉන් අනතුරුව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ ලංකා බැංකුව විසින් සිය අරමුදල් උපයෝගි කර ගනිමින් ව්‍යවසායකයන් සහ සංචාරක කටයුතු පුනර්ජීවනය වෙනුවෙන් වැඩි මූල්‍ය සේවාවන් සපයනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More