දේශීය පුවත්

මහබාගේ පොලිස් වසමේදී ඉකුත් මැයි 14 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව කියූ හෙරොයින් කිලෝ දෙසිය විසිපහ සහල් මලුවලට අසුරා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ම බවට විමර්ශනවලදී තහවුරු වී ඇත.

මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට පෙර මාතර, බලපිටිය හා කඳානේ වූ ආරක්ෂිත නිවස්න (Safe house) තුළදී කිලෝ දහයේ සහල් ගෝනි ගලවා ඒවාට හෙරොයින් කිලෝව බැගින් වූ පාර්සල් දැමුවේත් මොවුන් බවට පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මෙම කුඩු තොගය ​ගොඩබිමට රැගෙන ඒමට ට්‍රෝලරය කුලියට ගෙන මුහුදට ගොස් ඇත්තෙත් ඒවා සහල් මලුවල අසුරා කුලියට ගත් ලොරියකින් මහබාගේ, වැලිසරට රැගෙනවිත් ඇත්තෙත් මොවුන්ම බව හෙළි වී ඇත.

එම හෙරොයින් තොගය මාතර සිට කොළඹට රැගෙන එන අතරේ පාර්ලිමේන්තුව පසුපස පිහිටි කිඹුලාඇල ප්‍රදේශයේදී හෙරොයින් තිබූ එක් ගෝනියක් බිමට බා ඇති බවද විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත.

මෙම කණ්ඩායමට මෙකී කුඩු තොගය ප්‍රවාහනය කර රුපියල් ලක්ෂ එකසිය තිහක් ලබාගෙන ඇති බවත් මීට අමතරව තවත් කුඩු කිලෝ අනූනවයක් මිනුවන්ගොඩ ටයිල් චමින්දට ගෙන ගොස් දුන් බවත් හෙළි වී ඇත. මාකඳුරේ මධුෂ්ගේ කුඩු ජාවාරම් මෙහෙය වූ ඩුබායිහි සිටින ගිහාන් ෆොන්සේකා සමග එක් වී මෙම කුඩු කිලෝ අනූනවය විකුණා ඇතැයි ද හෙළි වී තිබේ. බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා විසින් ලබාදෙන කුඩු තොග මෙසේ රැගෙනවිත් බෙදාහරින මෙහෙයුමකදී මෙකී චෝදනා එල්ලවූ නිලධාරීන් සම්බන්ධ වී සිට ඇතැයි හෙළි වී තිබේ.

මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වූ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත්, ඉදිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රැසකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින උප පොලිස් පරීක්ෂක ඇතුළු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිව් දෙනා ඊයේ සිට වැඩ තහනමකට ලක් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More