දේශීය පුවත්

එළඹෙන මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු 19 වන සංශෝධනය වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.

ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙසේද සදහන් කළේය.

‘‘අගොස්තු 05 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ කරන්න දේවල් තියෙනවා. රටේ පාලනතන්ත්‍රයේ සංශෝධන වියයුතුයි. 19 වන සංශෝධනය ප්‍රධාන වෙනවා. හිටපු සිරිසේන ජනාධිපතිතුමා ප්‍රසිද්ධ පොරොන්දුවක් ලබා දුන්නා මේ සියලු අඩුපාඩු සියල්ල දුරු කරන්න කියලා සතියක් ඇතුළත 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. මැතිවරණ ක්‍රමය තුළ ඇති ගැටලු මඟහරවා ගන්න කියලා මේ 20වන සංශෝධනය ගෙන එන බව ප්‍රත්‍යක්ෂ ප්‍රතිඥාවක් ලබා දුන්නා. අවුරුදු 05කින්වත් තවම ඉදිරිපත් වුණේ නැහැ.

රටේ අහිංසක ජනතාව සුරාගෙන කන මුල්‍ය ආයතන හා ලිසිං සමාගම් නිතියේ ග්‍රහණයට නතු කරලා ඒ අයගේ හිතුවක්කාර වැඩපිළිවෙළ වහාම නතර කරන්න කටයුතු කරනවා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More