පුරවැසි කොලම

වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට එරෙහිව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් දියත්වන ‘එළිය’ ව්‍යාපාරයේ සමාරම්භක උත්සවය පසුගියදා බොරලැස්ගමුවේදී ඉතා උත්සවාකාරයෙන් පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව 1948 සිට දියත් වූ විවිධ ජාතිකවාදී ව්‍යාපාරවල ඉතිහාසයට සහ වර්තමානයට ‘එළිය ව්‍යාපාරයෙන්’ සුවිශේෂී එළියක් විහිදුවන බවට සැකයක් නැත. එම ව්‍යාපාරය පමා වී මතුවුනත් කාලීන අවශ්‍යතාවයක් බවටද විවාදයක් නැත. ඉතා හොඳින් සංවිධානයකොට තිබූ සමාරම්භක උත්සවයේදී කථිකයින් 8 දෙනෙකුට විනාඩි 8 බැගින් ලබාදී තිබුණි. එහිදී මැද මාවතක් මෙන්ම අන්ත දෙකක් ද පෙන්වමින් කථිකයින් තම අදහස් දැක්වීම ඉතා සුවිශේෂි ලක්‍ෂණයක් ලෙස දක්නට ලැබුණි.

එහදී යම් කථිකයින් ආකාර දෙකකට මැද මාවතක් පෙන්වා දුනි. යම් කථිකයන්ට අනුව වර්තමාන ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පැහැදිලි ජනවරමක් ලැබී නොමැති බැවින් සහ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවල බලපෑමට යටත් වී ඇති බැවින් එම ක‍්‍රියාවලිය වහා නැවැත්විය යුතුය. නමුත් තවත් කථිකයින් පිරිසක් නව ව්‍යවස්ථාවක් පමණක් නොව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා යොදා ගැනීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයක්ද අවශ්‍ය නොවන බවට තර්ක කලහ. මේ වන විට ත්‍රෛනිකායික මහා නායකහිමිවරුන් විසින් නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් යන දෙකම අවශ්‍ය නොවන බවට මතයක් පළකොට ඇති බැවින් එම මතය පොදු මතය හෙවත් මැද මාවත ලෙස සැලකීමේ වරදක් නැත. කෙසේවෙතත් යමෙක් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව කියමින් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සඳහන් නොකිරීමෙන් අදහස් වන්නේ ඔහු හෝ ඇය කුමන ආකාරයේ හෝ ව්‍යවස්ථා සංශෝධනයකට එක`ග බවය. ඒ අනුව එම ස්ථාවරය වෙන්ව ගත්විට මැදමාවතක් ලෙස සැලකිය නොහැක.

ඉහත සඳහන් කළ අන්තවාදී මත දෙකෙන් එකක් වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතුය යන මතයයි. අනෙක් අන්තය වන්නේ පවතින 13 වානි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවය. 13 වැනි සංශෝධනයට අදාලව බහුතර කථිකයින්ගේ අදහස් කේන්ද්‍රගත වන්නේ බෙදුම්වාදී බලවේග වල ඉල්ලීම් ඒ වටා කේන්ද්‍රගත වන නිසා බව පිළිගත හැක. කෙසේවෙතත් එහිදී ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ වරදක් නැති බවට අදහස් දැක්වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා පවා එම සංශෝධනය මගින් 13 වැනි සංශෙෘ්ධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සදහා ව්‍යවස්ථා ප‍්‍රතිපාදන ඇතිකළ යුතු බව ඍජුව පැවසුවේ නැත. ඊට හේතුව ඔහුට පෙර කතා කළ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපානන් විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම බරපතල වරදක් ලෙස හැෙ`ගන අදහස් ඉදිරිපත් කිරීම විය හැක.

නමුත් එම මානසික බාධකය වෙනත් ආකාරයකට අතික‍්‍රමණය කරමින් දයාන් ජයතිලක මහතා විසින් 13 වැනි සංශෙෘ්ධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට පක්‍ෂපාතී තර්ක 5ක් ඉදිරිපත් කරන්නට යෙදුනි. ඊට පෙර අවස්ථා කිහිපයකදීම ඒ මහතා විසින් ඉංග‍්‍රීසි පුවත්පත් මගින් අදහස් පළ කරමින් 13 වැනි සංශෝධනයෙන් එහාට දශමයක්වත් යා යුතු නැති බවට නියමයන් පනවමින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම වරදක් නොවන බවට තර්ක ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ඔහුගේ කතාව මගින් ඉදිරිපත් කළ තර්ක හරහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ අන්තය සාධාරණිකරණය කරන බව පිළිගත හැක.

ඔහුගේ පළමු තර්කය වන්නේ බලය බෙදීම මගින් රට බෙදීම අරමුණු නොකළ යුතු නමුත් ඒ මගින් රට බේදීමට ලක්විය හැකි බවයි. ඔහු ඉන් අදහස් කරන්නේ විය හැකි නරක දෙයක් පිළිබඳ උපකල්පනය මත කළ යුතු දේ නොකර සිටීම වරදක් බවයි. එනම් බෙදී යා හැකි වුවත් බෙදීමේ අරමුණක් නොමැති නිසා බලය බෙදීමට බිය නොවිය යුතු බවයි. එම තර්කය තවදුරටත් තහවුරු කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ දෙවන තර්කය වූයේ ශල්‍යකර්මයකින් ලෙඩා මිය යා හැකි වුවත් රෝගය සඳහා ශල්‍යකර්මය නොකර සිටීම වරදක් බවය. ඔහු එම තර්ක දෙක මගින් බලය බෙදීම හරහා අනාගතයේදී රට බෙදීමේ අනතුරක් මතුවන බවට ජාතිකවාදී බලවේග විසින් ගොඩනගන තර්කය බිඳ හෙලීමට ප‍්‍රශස්ථ උත්සාහයක් දැරීය.

එම උත්සාහය තුළ ඔහු ජාතිකවාදී බලවේග අන්තවාදයේ එක් පැතිකඩක් නියෝජනය කරන බවටද චෝදනාවක් එල්ල කෙළ්ය. ඔහුගේ තර්කයට අනුව අන්තවාදී අනෙක් කෙළවර සිටින්නේ බෙදුම්වාදීන්ය. ඒ අනුව ඔහු සහ සම්බන්ධන් මහතා වැන්නවුන් රට නොබෙදා බලය බෙදිය යුතු බව කියන ‘‘මධ්‍යස්ථවාදීන්’’ විය යුතුය. ඔහු චෝදනාවට ලක්කරන ‘‘ජාතකවාදී අන්තවාදී’’පිරිස ‘‘මධ්‍යස්ථවාදීන්’’ බවට පත්කිරීම සඳහා ඔවුන් නවීන ජාතිකවාදීන් බවට පත්කළ යුතු බවට ඊට පෙර ඔහු විසින් මතයක් පළකරන්නට යෙදුනි. ඔහුට අනුව දැන් ගුණදාස අමරසේකර, නලීන් සිල්වා වැනි පැරණි ජාතිකවාදීන් අත්හැරදමා නවීන ජාතික බලවේගයක් ගොඩනැගියි යුතුය. එහිදී ඔහු වක‍්‍රව කියන්නේ පැරණි ජාතිකවාදීන් සම`ග ඔහුට එක්විය නොහැකි වුවත් නවීන ජාතිකවාදීන් සම`ග එක්විය හැකි බවයි. සමහර විට ඔහු දැන් උත්සාහ කරන්නේ ඔහුගේ එම මතය පිළිගන්නා නවීන ජාතිකවාදී බලවේගයක් ගොඩනැගීමට විය හැක.

ඔහු ඉදිරිපත් කළ තුන්වන තර්කය වූයේ ශ‍්‍රී ලංකවේ ව්‍යවස්ථාවට අදාළව තීන්`දු ගැනීමේදී අසල්වැසි රටවල මතයට ද ගරුකළ යුතු බවයි. ‘‘ජාත්‍යන්තරය නොසලකා තනිව ගමනක් යා නොහැක’’ යන ‘‘පට්ට ගසනු’’ ලැබූ පැරණි කියමන මත පදනම්ව ඔහු එම අදහස ඉදිරිපත් කරන බවක් පෙනුනි. නමුත් ඔහු සැබැවින්ම අදහස් කරන්නේ ඉන්දියාවේ කැමැත්ත හෝ අකමැත්ත නොසලකා ශ‍්‍රී ලංකාව කටයුතු නොකළ යුතු බවයි. ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාව මත බලෙන් පැටවූ 13 වැනි සංශෝධනය විශ්මිත විසදුමක් ලෙස ආරම්භයේ සිටම එම මැදිහත්වීම සාධාරණිකරණය කළ පුද්ගලයෙක් ලෙස ඔහු විසින් පළකරන එම අදහස පිළිබඳව මහජනයා පුදුම නොවනු ඇත. ඔහු නිර්දේශ කරන ආකාරයට අප ඉන්දියාවේ මතයට ගරු කරමින් අප රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නම් ඔහුගේද මතයට ගරු කරමින් 13 වැනි සංශෝධනයෙන් දශමයක්වත් ඔබ්බට නොයා එය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතුය.

මේ දිනවල උතුරේ යම් පූජකවරුන් ද දකුණට පණිවිඩ එවන්නේ එවැනි විසඳුමකින් තමා සතුටට පත්වන බවය. බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව තාක්‍ෂණිකව බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය වන්නේ වෙනම රාජ්‍යයකට ආසන්න බලතලසහිත ෆෙඩරල් ලේබලය නොමැති ෆෙඩරල් රාජ්‍යයක් නීත්‍යානුකූලව ව්‍යවස්ථාව මගින් බිහිකර ගැනීම පමණි. ඉතිරි දුර හෙවත් වෙනම රාජ්‍යයක් දක්වා යන ගමන ආරම්භවන්නේ එම නීත්‍යානුකූල බලතල නීත්‍යානුකූල නොවන ආකාරයට භාවිතා කිරීමට ගන්නා උත්සාහ තුළ අතිවන ගැටුම් ජාත්‍යන්තර කරණය කිරීමෙනි. උතුරු නැෙ`ගනහිර පළාත් ඒකාබද්ධකොට බිහිවන රාජ්‍යය මත පය තබා ගැනීමට හෙවත් එම රාජ්‍යය අර්ධ කොළණියක් ලෙස විවිධ ආරක්‍ෂක සහ වෙළඳ ගිවිසුම් මගින් ඇදාගැනීමට ඉන්දියාවට ම`ග පෑදෙන්නේ එම ගැටුම් කළමනාකරණය කිරීමෙනි. ඒ නිසා ඉන්දියාව සතුටු කිරීමේ විසඳුම අවසන් ඵලය ශ‍්‍රී ලංකාවට ඉතා භයානක වන බවට සැකයක් නැත.

දයාන් ජයතිලක මහතා ඉදිරිපත් කළ හතරවැනි තර්කය එක්තරා ආකාරයක අනතුරු ඇ`ගවීමකි. ඒ මගින් ඔහු පෙන්වා දෙන්නේ කොසෝවෝ ප‍්‍රාන්ත රාජ්‍යයට බෙදාදුන් බලය ක‍්‍රියාත්මක කිරීමට සර්බියානුවන් ඉඩ නොදුන් බැවින් හෝ එම බලය ආපසු ගැනීමට උත්සාහ කළ බැවින් කොසෝවෝ රාජ්‍යය බෙදී වෙන් වූ බවය. ඒ මගින් ඔහු ඉහත සඳහන් කළ එක් අන්තයක් වන 13 වැනි සංත්‍ශා්ධනය අහෝසි කළ යුතුය යන මතය දරන්නන්ට ප‍්‍රභල අභියෝගයක් එල්ල කරයි. ඔහුගේ පස්වැනි තර්කය වූයේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවූවත් ‘‘කුඩා කුඩා සංශෝධන’’ මගින් ගැටළු විසදීම වරදක් නොවන බවයි. ඒ අනුව එම සභාවේ යම් කථිකයින් මෙන් ඔහු ද විරුද්ධ වන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එරෙහිව පමණි. බෙදුම්වාදීන්ගේ දිර්ඝ කාලීන ඉල්ලීමක් වන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඔහු කියන ආකාරයේ කුඩා කුඩා සංශෝධන පමණි.

ඒ අනුව ත්‍රෛනිකායික හිමිවරුන් විරුද්ධ වන්නේ නව ව්‍යවස්ථාවක් සඳහා බවටත් උන්වහන්සේලා ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා විරුද්ධ නොවන බවටත් ව්‍යාජ මතයක් ගොඩනගන පිරිස් දයාන් ජයතිලක මහතාගේ ‘‘කුඩා කුඩා සංශෝධන තියරියට’’ පක්‍ෂපාතී අය විය යුතුය. කෙසේවෙතත් දයාන් ජයතිලක මහතාගේ අන්තයට ප‍්‍රතිවිරුද්ධ අන්තය ලෙස එම සභාවේදී මතු වූයේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යතුය යන මතයයි. එසේ වුවත් එම මතය දරන්නන් වියුක්තව එම මතය ඉදිරිපත් කළේ නැත. ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා විසින් 13 වැනි සංශෝධනය පවා අහෝසි කළ යුතුය යන මතය ඉදිරිපත් කළේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ බරපතලකම තහවුරු කිරීම සඳහාය. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ද ඊට සමාන මතයක් පළකරනු ලැබීය.

නමුත් මේ දෙනලද මොහොතේදී එනම් රට බරපතල ව්‍යවස්ථා උගුලක හිර වී සිටින මොහොතක 13 වැනි සංශෝධනය අහෝසිකළ යුතුය යන මතය මගින් රට එම උගුලින් ගලවා ගැනීම සඳහා තේරිය යුතු සැබෑ උපාය මාර්ගයට නිශේධාත්මක බලපෑමක් ඇති කරයි. ඒ මගින් එක් පැත්තකින් බෙදුම්වාදී කප්පම්කරුවන්ට සුළු ජන කොටස් අතර මානසික අවුල් ඇති කිරීමට අවකාශය නිර්මාණය වේ. අනෙක් පැත්තෙන් ඒ මගින් පළාත්සභා වලට පක්‍ෂපාතී මැද සහ පහළ මට්ටමේ මහජන නියෝජිතයන් අතර භිතියක් ඇතිකෙරේ. එසේම තවත් පැත්තකින් බෙදුම්වාදය පරාජය කිරීම සඳහා ඊනියා බලය බෙදීම හැර වෙනත් විසදුමක් නැති බවට මොළ සේදීමට ලක් වී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් අතර මානසික බාධක පැනවේ. ඊට අමතරව ඒ මගින් සත්‍ය කතාකිරීම සිංහල ජාතිවාදීන්ගේ මෝඩ ක‍්‍රියාවක් ලෙස මානසික බාධක පනවාගෙන සිටින පිරිස් බියවැද්දීමට දෙමළ ජාතිවාදයට පක්‍ෂපාතී ඊනිය ජාත්‍යන්තරවාදීන්ට අවස්ථාව නිර්මාණය වේ. ඒ අනුව 2009 දී යුද්ධය වෙසන් වූ විගස 13 වැනි සංශෝධනය අහෝසි කිරීමේ සටන් පාඨයට යම් ඉඩක් තිබුණා වුවත් බොහෝ වරදවා ගැනීම් වලින් පසුව මේ මොහොතේදී එවැනි අන්තයකට ඉඩක් නොමැති බව පැහැදිලිව පෙනේ.

එසේ නම් දැන් කළ යුත්තේ කුමක්ද? එය සොයා ගැනීම සඳහා එළිය ව්‍යාපාරයට මහත් ආලෝකයක් සැපයීය හැක. විශේසයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඒ සඳහා ඉතිහාසය විසින් මහත් ඉඩක් නිර්මාණය කොට ඇත.එසේ නම් දැන් පළමුවෙන්ම කළ යුත්තේ බෙදුම්වාදීන් විසින් අටවා ඇති උගුලේ ස්වභාවය ඉතා හොඳින් තේරුම් ගැනීමය. ඔවුන්ට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට උවමනාවක් නැත. එසේම මානසිකව යම් උවමනාවක් තිබිය හැකි වුවත් තාක්ෂණිකව ගත් විට බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමට හෝ ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය ඉවත් කිරීමටද ඔවුන්ට උවමනාවක් නැත. පසුගිය දිනවල ලබාදුන් නඩු තීන්දුවක් මගින් ඒකීය අන්තය දැක්වෙන වගන්තිය ව්‍යවස්ථාවේ එසේම තිබියදී ෆෙඩරල් අන්තයට ගොස් දෙමළ ජනතාවට ස්වයංපාලන අයිතිය ලබාදිය හැකි බව ප‍්‍රකාශවිය. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ඇති කළ ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම පමණි. උතුරේ පූජකවරුන් ඊට වඩා දෙයක් අවශ්‍ය නොවන බව කියන්නේ එම ප‍්‍රමාණය බොදුම්වාදී අරමුණු ඉටුකර ගැනීම ස`දහා ප‍්‍රමණවත් වන බැවින් මිස ඔවුන් තම බෙදුම්වාදී අරමුණු නිසා නොවේ.

ඒ අනුව දයාන් ජයතිලක මහතා ඉදිරිපත් කරන කුඩා කුඩා සංශෝධන මගින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වීම වැලැක්වීම ස`දහා තැබූ ‘අඩ’ ඉවත් කිරීමේ අන්තවාදී යෝජනාව හෙවත් දෙවන අන්තය තරයේ ප‍්‍රතික්ෂේප කිරීමට සිදුවේ. නමුත් ඊට විකල්ප ලෙස පවතින තත්වය තවදුරටතක් නරක අතට හැරීම වළක්වා ගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ මතයට ගරු කරමින් නව ව්‍යවස්ථාවක් හෝ ‘‘කුඩා කුඩා’’ සංශෝධන යන දෙකම ප‍්‍රතික්ෂේප කළ යුතුය. දෙවනුව නව ව්‍යවස්ථාවක් ඉදිරි ජනාධිපති මැතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කොට එම මැතිවරණය නව ව්‍යවස්ථාවක් අනුමත කරන ජනමතවිචාරණයක් බවට පත්කළ යුතුය. යන මතය ඉහළට ගත යුතුය. ඒ නව ව්‍යවස්ථාව මගින් සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජනතාවට සමානව සැලකීම තුලින් ඊනියා 13 වැනි සංශෙෘ්ධනයේ අවශ්‍යතාවය ඉබේම අහෝසිවනු ඇත. ඒ සඳහා බෙදුම්වාදී කප්පම්කරුවන්ට දේශපාලන බලය දීම මගින් ජනතාවට අයිතිවාසිකම් ලැබෙන බවට වන සාවද්‍ය දේශපාලන මතය පරාජය කිරීම අවශයවේ.

සිංහල, දෙමළ මුස්ලිම් ජනතාවට සමානව සලකන්නේ නම් සහ බිම් මට්ටමේදී ඔවුන් අතට දේශපාලන බලය ලබාදෙන්නේ නම් 13 වැනි සංශෝධනයේ ප‍්‍රතිපාදන අවශ්‍ය වන්නේ නැත. නමුත් ඒ බව බෙදුම්වාදී බලවේග විසින් දශක කිහිපයක් තිස්සේ මනස අවුල්කොට තිබෙන සුළු ජනකොටස්වලට ඒත්තු ගැන්වීම පහසු නැත. එය කළ හැක්කේ අවංකව සහ කැපවීමෙන් සමානාත්මතා ව්‍යාපාරයක් දියත් කිරීම මගිනි. ව්‍යවස්ථා මර උගුලින් රට ගලවාගැනීමෙන් පසුව ‘‘එළිය’’ ව්‍යාපාරය විසින් ඒ ස`දහා රටට නායකත්වය ලබාදිය හැක. යම් අවස්ථාවල වාක්ස්වාදියෙක් ලෙසද පෙනී සිටින දයාන් ජයතිලක මහතාට සමානාත්මතා පදනමින් ජාතික ගැටළුව විසදීමේ ප‍්‍රවේශයට නායකත්වය සැපයීමට බාධාවක් නැත. නමුත් ඊට සුදුසුකම් ලබාගැනීම ස`දහා 13 වැනි සංශෙෘ්ධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ බෙදම්වාදී යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට ඔහුට සිදුවනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More