පසුගිය යහපාලන රජයේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීම සඳහා චිනයෙන් දොඹකර යන්ත්‍ර දෙකක් ඇනවුම් කොට තිබියදී අගමැතිවරයා විසින් එම ජැමිය ඉන්දියාවට දිම සඳහා තුන් පාර්ශව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම නිසා වරාය අධිකාරිය මෙන්ම රට ද බරපතල මූල්‍ය සහ දේශපාලන අර්බුදයක පැටලී ඇති බව වාර්තා වේ
එම තත්වය තුළ මේ වන විට වරාය වෙත පැමිණ ඇති දොඹකර රැගත් නෞකාවෙන් ඒවා ගොඩබෑම පිළිබඳ ඉන්දියාව විරෝධය දක්වා ඇති බැවින් දිනකට රු මිලියන බැගින් වන්දි ගෙවීමට රජයට සිදු වී ඇති බවත් මේ වන විට එම පාඩුව මිලියන 100 ක් ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අතර වරාය වෘතිය සමිති විසින් ඉල්ලා සිටින්නේ මිලදීගත් දොඹකරවල යම් ගැටළු ඇතත් ඒවා නැගෙනහිර පර්යන්තයේ සවි කළ යුතු බව සහ ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම අවලංගු කරන ලෙසයි.
නමුත් ඉන්දියාව ඊට විරුද්ධව ජාත්‍යන්තර බේරුම්කරණයක් අවශ්‍ය බවට තර්ජනය කරන තත්වයක් තුළ ආණ්ඩුව පඩගාලක පැටලී ඇති අතර සියල්ලට වගකිව යුතු රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය කළමණාකරණය කරන ආකාරය ගැන රටට බණ දෙසන බව මහජනයා චෝදනා කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...