මේ සතියේ සිකුරාදා වන විටදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය සහ නිමාව (Finishing) සම්පූර්ණයෙන්ම අවසන් වන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.
දිස්ත්‍රික්ක 18 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සහ ඒවායේ නිමාව අවසන්කර මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇති බවත්, තවත් දිස්ත්‍රික්ක තුනක ඡන්ද පත්‍රිකා අද (29වැනිදා) භාරදෙන බවත් ඇය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා ලක්ෂ 20 ක් මුද්‍රණය කිරීමේ කටයුතුද ඊයේ (28 වැනිදා) අවසන්වී ඇති අතර,ඒවා නිමා කිරීමේ කටයුතු සිකුරාදා වන විට අවසන් කර මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට නියමිතය.
මීට අමතර,නිවාසවලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සමග බෙදන අපේක්ෂකයින්ගේ මනාප අංක සහ නම සහිත ලැයිස්තු මුද්‍රණයද අවසන් කර තිබේ.
ඡන්ද මධ්‍යස්ථානවලට අවශ්‍ය පෝස්ටර්,ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල භාවිතා කරන ලේඛන ආදියද මුද්‍රණය කෙරෙමින් තිබෙන බවද රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසුවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...