දේශීය පුවත්

සහශ‍්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (එම්.සී.සී.) සමාලෝචනය සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව විසින් සිදුකරන ලද මහජන මත විමසුමට අනුව යෝජනාවලියට අදාළ ගිවිසුම අත්සන් කරනවාට සියයට හැත්තෑපහක් (75%ක්) විරෝධය පළකර ඇත.

ගිවිසුම අත්සන් කරනවාට එකඟතාව පළකර ඇත්තේ සියයට එකොළහක් (11%ක්) පමණි.

මෙම මත විමසුම සඳහා විද්වත් සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ආයතන සහ සාමාන්‍ය ජනතාව යොදාගෙන තිබේ. ගිවිසුම අත්සන් නොකළ යුතු බවට සෘජුවම සියයට පනස් හතක් (57%ක්) විරෝධය පළකර ඇත. ගිවිසුම අත්සන් කළ යුතු බවට සෘජුවම පවසා ඇත්තේ සියයට හතක් (7%ක්) පමණි.

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2020 ජනවාරි මස 01 වැනිදා විශේෂ විමර්ශන කමිටුවක් අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් පත්කරන ලදි.

මෙම කමිටුවේ සභාපති ලෙස කොළඹ විශ්වවිiාලයේ ආර්ථික විiා අධ්‍යයනාංශයේ මහාචාර්ය ටී. ලලිතසිරි ගුණරුවන් මහතා කටයුතු කළ අතර සෙසු සාමාජිකයන් ලෙස ප‍්‍රවාහන අර්ථ ශාස්ත‍්‍රඥ ඞී. එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විiාඥ නාලක ජයවීර යන මහත්වරු පත්ව සිටියහ.

මෙම කමිටුවෙහි අවසන් වාර්තාව පසුගිය 25 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More