දේශීය පුවත්

කොවිඞ් 19 වෛරස රෝගය පාලනය සඳහා රට තුළ පනවා තිබූ ඇඳිරි නීතිය අද (29දා) සිට සම්පූර්ණයෙන් ඉවත් කළද රෝගය පැතිරයාමේ අවදානම පහව ගොස් නැති නිසා සෞඛ්‍ය ආචාරධර්ම දිගටම පවත්වාගත යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

රජය විසින් ඇඳිරි නීතිය ඉවත් කළේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා මිස කොවිඞ් 19 වෛරසය රෝගය පැතිර යෑමේ අවදානම සම්පූර්ණයෙන් ඉවත්ව ගොස් ඇති නිසා යැයි වැරදි ආකල්පයක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එබැවින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම, දෑත් සබන් ගා හෝ විෂ බීජ නාශක දියර භාවිත කර හොඳින් සේදීම, උණක් හෝ කැස්සක් ඇත්නම් මහජනයා ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම යන සෞඛ්‍ය ආචාර ධර්ම පිළිපැදීම තවදුරටත් සිදුකළ යුතු බවත් එවිට රෝගය පැතිර යෑමේ අවදානමක් මතුවුවද වහාම පාලනය කිරීමට හැකියාව උදාවන බවද ඒ මහතා පැවැසීය.

අප සෞඛ්‍ය ආචාර ධර්ම නිසි ලෙස පවත්වාගෙන ගියහොත් කොරෝනා ආසාදිතයකු අප අතර සිටියද එම රෝගියාගෙන් අන් අයට රෝගය පැතිර යෑම වළක්වා ගත හැකියි.

දැනට ආසාදිත පුද්ගලයන් හමුවන්නේ විදේශගතව සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සහ නාවික හමුදා සාමාජිකයන්ගෙන් පමණයි. ඔවුන්ද නිරෝධායන මධ්‍යස්ථානවෙත යොමුකර සිටින නිසා සමාජයට පැතිර යෑම වළක්වා ගත හැකිවී තිබෙනවා.

රට යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම කඩිනම් කිරීමට නම් ජනතාව සෞඛ්‍ය ආචාර ධර්ම අඛණ්ඩව පිළිපැදිය යුතුයි.

ඒවා පිළිපැදීම අමතක කළොත් යළිත් කොරෝනා රෝගය රට තුළ පැතිර යෑමේ අවදානමක් මතුවිය හැකියි.

එහෙම වුණොත් අප වැනි ආර්ථිකයෙන් ශක්තිමත් නැති රටකට එය දරුණු ලෙස බලපානවා යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More