කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකය ආර්ථික හා සමාජයීය වශයෙන් බිඳවැටී ඇති බැවින් පශ්චාත් කොරෝනා සමයට මුහුණ දිය යුත්තේ සබුද්ධිමත් පරපුරක් සමග බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ පැවැසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ සමුද්ධිමත් ජයන්ති මන්දිරයේදී පැවැති ජාතික නිදහස් පෙරමුණේ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සඳහන් කරන පරිදි ලෝකයේ සමස්ත ශ්‍රම බළකායෙන් සියයට අසූවක් රැකියා අහිමි වීමේ අවදානමකට ලක්ව ඇති බවද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය. මේ වන විටත් ඇමෙරිකාවේ මිලියන හතළිහකට අධික පිරිසකට රැකියා අහිමි වී ඇති බවත්, ඔවුන්ගේ ඊනියා නව ලිබරල් ආර්ථිකය මේ වන විට බරපතළ කඩා වැටීමකට ලක්වී ඇති බවත් හෙතෙම කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
කොවිඩ් නිසා ලක්ෂ 69ක ඡන්දයෙන් දිනපු ජනාධිපතිවරයාටත් තීන්දු තීරණ ගන්න වෙලා තියෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අහලා. ඒක තමයි කොවිඩ් 19 අභියෝගය. අද කොවිඩ් වසංගතය සමත් රාජ්‍යයන්, අසමත් රාජ්‍යයන් හා බලය ඇති බලය නැති රාජ්‍යයන් ලෙස කළ බෙදීම වෙනස් කරලා තියෙනවා. කොවිඩ්වලට අනුව අද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමත් රාජ්‍යයක්ද ෆෙඩරල් ක්‍රමයට ගිය ඇමෙරිකාවේ ලොක්කට කොවිඩ්වලට මුහුණ දීමට ප්‍රාන්තයක් වසා ගන්න බෑ. චීනයට එහෙම ප්‍රශ්නයක් නෑ. චීනය මධ්‍යගතයි. මේ රටටත් ෆෙඩරල් ඕනෑ කිව්වා. එහෙම වුණා නම් උතුර වහගන්න අපටත් අඬන්න වෙනවා. අපේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ අපි ඉතාම සාර්ථකව කොවිඩ් පාලනය කළා.
ආර්ථිකව බැලුවත් අද බටහිර රටවල් පිරිහිලා. නව ලිබර් ආර්ථිකයට බැරිවුණා කොරෝනා වසංගතයට මුහුණ දෙන්න. නමුත් අපේ ජනාධිපතිවරයා ආර්ථිකයට වඩා ජීවිතවලට මුල් තැන දීලා කටයුතු කළා. අද ඇමෙරිකාව, බ්‍රසීලය, වළලන්නේ කොරෝනා මරණ නෙමෙයි. නව ලිබරල්වාදී සංස්කෘතිය දේශපාලන ක්‍රමය සහ ඔවුන්ගේ ජීවන රටාව අපට එහෙම තත්ත්වයක් උදා වුණේ නෑ.
විදේශීය රටවල ශ්‍රී ලාංකිකයන් ඔවුන්ව ගෙන්න ගන්න කියනවා. අපි මෙරට සුව වන ප්‍රමාණය බලලා සෞඛ්‍ය අංශවලට දරාගැනීමට හැකිවන ප්‍රමාණය ගේනවා.
අප අමාත්‍යාංශ සමග විශ්ව විද්‍යාල ආචාර්යවරු පශ්චාත් කොරෝනාවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න පර්‌යේෂණාත්මකව සෑදු වාර්තාවක් පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන්නා. ඒ අතරේ තවත් අය කිසිම දර්ශනයක් නැතිව උපදෙස් දෙන්න එනවා.
මිලින්ද මොරගොඩගේ තිත්පොළ වුණ ඔත්තු සේවා සංවිධානයක් වන ෆාත්ෆයින්ඩර් නම් සංවිධානයෙන් උපදෙස් දෙන වාර්තා හදනවා. ඊට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වැනි අය එකතුවෙලා ඉන්නවා. ජනාධිපතිට වාර්තාවකුත් පිළිගන්වලා. ඒ වගේ තියෙන දේවල් ක්‍රියාත්මක කළෙත් අපට වැළලෙන්න වෙනවා. ෆාත්ෆයින්ඩර් කියන්නේ බටහිරට ඕනෑ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන පිරිසක්. ඔවුන් 2019 ජනවරමේ අයිතිකරුවන් නෙවෙයි. මහ සඟරුවන ඇතුළුව ජාතිභේදයකින්, ආගම් භේදයකින් තොර පිරිසක් එකතුවෙලා මේ රටේ පළමු වතාවට වෘත්තියවේදියෙක් ජනාධිපති කළා. ඒක කළේ ෆාත්ෆයින්ඩර්ද?
මේ රට ගොඩගන්න අවශ්‍ය මානසික සූදානම දැන් රාජ්‍ය යාන්ත්‍රයට තියෙනවා.
ඒ වගේම එම්.සී.සී. ගිවිසුම පිළිබඳව අතුරු වාර්තාව අපි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. එහි යටිතල පහසුකම් ගැන ප්‍රශ්නයක් නෑ කියලා ජනාධිපතිවරයා කිව්වා.
නමුත් ඉඩම් පිළිබඳ දත්ත, නීති ආදියට අපට එකඟ වෙන්න බෑ කිව්වා. එය තවදුරටත් සාකච්ඡා කළ යුතුව කියන තීරණයට ආවා කියන්නේ එකඟ වුණා කියන එක නෙවෙයි.
ඒ වගේම ලක්ෂ පනහක් පඩි ගන්න සමහර මහ බැංකු නිලධාරීන්ට බැරිවෙලා තියෙනවා ක්ෂුද්‍ර මූල ආයතන ගැන තීරණයක් ගන්න. ඔවුනුත්, ක්ෂුද්‍ර මූල ආයතනවලින් යැපෙනවා. මේ වගේ ප්‍රශ්න රැසකට විසඳුමක් ලෙස තමයි අපි දොළොස්වැදෑරුම් ප්‍රවේශය සහිත උපාය මාර්ගික ප්‍රවේශය හඳුන්වලා දුන්නේ. එය පශ්චාත් කොවිඩ් 19 නිසා වැටුණු තත්ත්වයෙන් ගොඩ ඒමට අනිවාර්යයෙන්ම උපකාරී වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...