දේශීය පුවත්

අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දහස් ගණනක් පිටතට විකුණා ඇතැයි ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (නාකොටික්) සතු භාණ්ඩ ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇත.

මහා පරිමාණ වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා හෙරොයින් මෙම නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෝ අනාවරණය කළේය.

මෙම ගබඩාවේ තොග ගණනය කිරීමක් අද (29වැනිදා) සහ හෙට (30වැනිදා) දිනයේ දැඩි රැකවරණ මැද කිරීමට ද ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇත.

කාලයක් තිස්සේ පොලිස් නාකොටික් අංශයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කුඩු තොගවලට වෙනත් රසායන ද්‍රව්‍ය හා පිටි කලවම් කර රස පරීක්ෂක වාර්තා සඳහා සාන්ද්‍රණ වෙනස් කරවා නියම තත්ත්වයේ කුඩු තොග එම ගබඩාවෙන් හොරෙන් විකුණා ඇතැයි දැනට කරන විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දුන්නේය.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දූෂිත නිලධාරීන්ට නායකත්වය දී ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා ඇතුළු මහා පරිමාණ ජාවාරම් කරුවන් බවට හෙළි වී ඇත.

මහ මුහුදේ දී හා ගොඩබිමේ දී අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග නඩු කටයුතු සඳහා රස පරීක්ෂක වෙත යැවූ සාම්පලවල වාර්තා එන තුරු ගබඩා කරන්නේ මෙම ගබඩාවේය. මෙම ගබඩාව දැඩි ආරක්ෂක රැකවල් මැද පිහිටි රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට පහළ මාලයේ තිබීමද විශේෂත්වයකි.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව නඩු භාණ්ඩ ගබඩාවේ නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කිරීමට ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම රඳවා ඇත.

සබැඳි පුවත් –

කුඩු මාෆියාව කුඩු කිරීමේ මෙහෙයුම් දිගටම ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කළ ‘‘නාකොටික්‘‘ අංශයේ නිලධාරීන් 6ක් කොටු වේ‘‘

 

නාකොටික් නිලධාරියාගේ නිවසින් ලක්ෂ 10 ක් – ජීප් රියක් පොලිස් බාරයට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More