මුහුණු පොතෙන්

ඇමරිකා එක්සත් ජනපදයට කලකට පෙර ශ්‍රී ලංකාව විසින් පරිත්‍යාග කළ ‘ශාන්ති’ නමැති කෙනර මියගිය බව එරට ස්මිත් සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානය (Smith Sonian Bational Zoo) නිවේදනය කරයි. කෙසේ වුවත් කෙනර මියගොස් ඇත්තේ සත්ත්වෝද්‍යානය මගින් ඇයට ලබාදෙමින් තිබූ වෛද්‍ය ප්‍රතිකාර අත්හිටුවීම හේතුවෙනි.

ශාන්ති වසර ගණනාවක් තිස්සේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගී තත්ත්වයෙන් පීඩා විඳ ඇත. මෙම තත්ත්වයට දීර්ඝකාලීනව ප්‍රතිකාර කර ඇති නමුත් මෑත කාලීනව ඇයට තවදුරටත් ප්‍රතිකාර කිරීම ඵල රහිත බවත්, කෙනර රෝගී තත්ත්වයෙන් මුදවා ගැනීම අසීරු බවත් පශු වෛද්‍යවරු අවසානයේ තීරණය කර තිබේ. පසුගිය ජුනි 26 වැනිදා 45 හැවිරිදි ඇයව මානුෂීයව මරණයට පත් කිරීම (Humanly Euthanize) ඔවුන් තීරණය කර ඇත. (මානුෂීයව මරණයට පත්කිරීම යනු සම් සත්ත්වයකු සුව කිරීමට තවදුරටත් ප්‍රතිකාර කිරීම ප්‍රතිඵලදායක නැතැයි වෛද්‍යවරු තීරණය කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර අත්හිටුවා මරණයට පත්කිරීමයි.)

‘‘මිනිස් රැකවරණය ලබන ආසියානු ගැහැනු අලි සාමාන්‍යයෙන් අවුරුදු 40ත් 45ත් අතර කාලයක් ජීවත් වේ. ශාන්ති මෙම සත්ත්වෝද්‍යානයේ වසර 44ක් ජීවත් වී ඇත. එම කාලය තුළ වඳවී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති මෙම සත්ත්ව විශේෂයේ ජීව විද්‍යාත්මක පර්‌යේෂණ ප්‍රජනනය පිළිබඳ තොරතුරු, රෝග සහ පරිසර විද්‍යාව පිළිබඳ කටයුතුවලට ශාන්ති උපරිම දායකත්වය ලබාදුන්නා’’ යනුවෙන් ස්මිත් සෝනියන් සත්ත්වෝද්‍යානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා...


Read More

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 8කට මැලේරියාව

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ. මැලේරියා මර්දන ව්&#...


Read More

නාකොටික් කල්ලිය කුඩු විකුණන ගමන් සල්ලිත් අච්චු ගහලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මත්ද්‍රව්&...


Read More