අද (28) සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය.
කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග පසුගිය මාර්තු මස 20 වනදා පළමුවරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර ඉන් පසු අවස්ථා කිහිපයකදී ලිහිල් කෙරුණි.
පසුගිය 13 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණකි.
අද සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...