දේශීය පුවත්

ගුවන්තොටුපළ අගෝස්තු 15න් පසු යළි විවෘත කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ (27) මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර බංග්ලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට තහවුරු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 2033 ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් අතරින් විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 773කි.

එහි ප්‍රතිශතය සියයට 38.02ක් වේ.

සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් අතරින් 947 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වන අතර එය සියයට 46.58 ක ප්‍රතිශතයකි.

දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 313 දෙනා ප්‍රතිශතයක් ලෙස සියයට 15.40කි.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් 2033 දෙනා අතරින් 1639 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 79.35කි.

383 දෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර එහි ප්‍රතිශතය සියයට 20.09කි.

මෙරට නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර ඉන් සුවය ලැබූ ගණන 823කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More