දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකා මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ පවරා තිබු නඩුවක විත්තිකරුවන් දෙදෙනකු නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (27 දා) නියෝග කළේය.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නගා ඇති අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමනය කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්‌. කනගරත්නම් මහතාගේ පුත්‍රයකු හා තවත් විත්තිකරුවකු එලෙස නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබූහ.

ලැබුණ තොරතුරක්‌ අනුව පරීක්‍ෂණ පැවැත්වු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය කනගරත්නම් ආදිත්‍යයන් සහ කන්දවනම් ගෝගුල්නාත් නමැති එම විත්තිකරුවන් දෙදෙනා 2009.05.13 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබු එම විත්තිකරුවෝ දෙදෙනා ඊයේ දක්‌වාම රක්‍ෂිත බන්ධනාගාර භාරයේ පසුවූහ. හිටපු නීතිපති ඊවා වනසුන්දර මහත්මිය විසින් අධිචෝදනා ගොනුකර පවරා තිබූ එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස පළමු විත්තිකරුගෙන් ලබාගත් පාපොච්චාරණයක්‌, දෙවන විත්තිකරු ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ කරන ලද ප්‍රකාශයක්‌ හා අධිකරණ වෛද්‍ය වාර්තා දෙකක්‌ ඉදිරිපත් කොට තිබිණි.

නීතීඥ ටී. තර්මරාජා මෙනවිය සමඟ ජ්‍යෙෂ්ඨ නීතීඥ කේ. බී. තවරාසා මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More