ශ්රී ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 කට එරෙහිව ඉන්ටපෝල් පොලිසිය නිකුත් කර තිබූ රතු වරෙන්තු 2017 දී අභිරහස් ලෙස අහෝසි වී ඇත.
කොටි ක‍්‍රියාකාරීන් 144 කගේ නාම ලේඛනය 2017 දී ශ‍්‍රී ලංකා රජය ඉන්ටපෝල් ලැයිස්තුවෙන් ඉවත් කරද්දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ද අහෝසි වී තිබේ. මේ සඳහා උපදෙස් දුන්නේ කවුදැයි මෙතෙක් හෙළි වී නැත.
එහෙත් රජය මේ බව ජනතාවගෙන් වසන් කර ඇත. මේ අතර ශ‍්‍රී ලංකාව කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇතැයි යුරෝපෝල් පොලිසිය අනාවරණය කර ඇත.
යුරෝපෝල් පොලිසිය දක්වන්නේ විදේශ රටවල සිටින ශ‍්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලතින් ඇමෙරිකානු සිම් කාඞ් භාවිත කරමින් ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවයි.
මේ බව තහවුරු වූයේ බ‍්‍රසීලයේ සිට කොකේන් කිලෝ 1790 ක් මෙරටට එවීමේදී භාවිතාවී ඇත්තේ බ‍්‍රසීල සිම් කාඞ්පත් 70 ක බව හෙළිවීමෙනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...