දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිරෝධායන රෝග වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපලඳින පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමට පොලිස් මූලස්ථානය සූදානම් වේ.

ඒ බව සඳහන් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය 25 දින සියලුම පොලිස් ස්ථානවලට ‘ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීමකින් තොරව ගැවසෙන තැනැත්තන්ට අවවාද කිරීම’ යන ශීර්ෂය යටතේ නියෝගයක් නිකුත් කර ඇත.

පසුගිය දිනවල ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම සිදු නොකරන බවට සිදුකළ නිරීක්ෂණය නිසා මෙම නියෝගය නිකුත් කර තිබේ.

එසේ මුඛ ආවරණ පැලඳීමකින් තොරව ප්‍රසිද්ධ ස්ථානයන්හි සැරිසරණ අයට මුල් අවස්ථාවේදී අවවාද කර, තම ලිපිනය, ගැවසුණ ස්ථානය, වේලාව ආදී සටහන් කර පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සඳහන් කළ යුතුයි. එසේ මුඛ ආවරණ නොපලඳින අය සම්බන්ධයෙන් රැස්කළ ​තොරතුරුවල සංඛ්‍යාත්මක වාර්තාවක් දිනපතා පෙ.ව. 9.00ට පොලිස්පතිවරයාටද යොමු කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More