කොරෝනා රෝගයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාරවලට හැකි ඉක්මනින් ණය සහනය ලබා දීමට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නිසි ලෙස ඉටුකළ නමුත් ණය සැපයීම පරක්කු වූයේ තමන්ගේ වරදකින් යැයි නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව මහා භාණ්ඩාගාර ලේකම් පවසයි.
ආටිගල මහතා මෙම ප්‍රකාශය කළේ පසුගියදා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙම සහන ණය දීම ප්‍රමාද කළේ තමන් යැයි මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් ගැන දේශය කළ විමසුමකට පිළිතුරු ලෙසය.
කොරෝනා වසංගතය නිසා කඩා හැලුණු ව්‍යාපාරවලට 4 %ක සහන පොලියට ණය සැපයීමට හැකිවන ලෙස මහ බැංකුව 1%ක පොලියට අවශ්‍ය ප්‍රතිපාදන වාණිජ බැංකුවලට නිදහස් කරන ලෙස තමන් මෙම ප්‍රශ්නය උද්ගත වූ දා සිටම කී නමුත් මහ බැංකුව සහන පොලී ණය වෙනුවට බැංකුවලට ණය සහතිකයක් (ක්‍රෙඩිට් ගරන්ටියක්) ලබා දී එම වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යාමෙන් ප්‍රශ්නය ව්‍යාකූල වූ බව ලේකම්වරයා සදහන් කරයි.
එම මහ බැංකු යෝජනාව අනුව වාණිජ බැංකු ක්‍රියා නොකිරීම නිසා සහන ණය සැපයුම ප්‍රමාද විය. එහෙත් ජනාධිපතිතුමා මහ බැංකුවේ බලධරයන් අමතා වහා මෙම කටයුත්ත ඉටුකරන්නැයි දැන්වූ පසු තමන් මාස ගණනකට පෙර කළ යෝජනාව පැය කිහිපයක් තුළ මහ බැංකුව ඉටුකළ බව හෙතෙම සඳහන් කරයි. එහි වරද තමන් පිට පටවා ඊට වගකිව යුතු අයට ඇඟ බේරාගත නොහැකි බව ද ඔහු අවධාරනය කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...