විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනය වෙත දුම්රියකින් පැමිණි බවට ලොව පුරා තොරතුරු පැතිර යමින් තිබේ.

දැඩි ආරක්‍ෂක රැකවරණ යටතේ උතුරු කොරියාවේ සිට විශේෂ දුම්රියක්‌ චීනයේ බේජිං වෙත හදිසියේම පැමිණි අතර එහි පැමිණියේ කිම් ජොන් උන් බවය. කෙසේ වෙතත් මේ බව චීනය හෝ උතුරු කොරියාව මෙතෙක්‌ සනාථකර නොමැත.

කිම් ජොන් උන් මෙසේ චීනයට පැමිණියේ නම් 2011 ඔහු බලයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු විදේශ චාරිකාව මෙයයි.

ඉදිරියේදී ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් හා කිම් ජොන් උන් හමුවීමට නියමිත අතර ඊට පෙර මෙසේ ඔහු ,චීන නායකයන් මුණගැසෙනු ඇතැයි සඳහන්ය.

චීනය උතුරු කොරියාවේ ප්‍රධානතම ආර්ථික හවුල්කරුවාය.

කිම් ජොන් උන් ගේ පියා කිම්ජොන් ඉල් ගුවනින් යැමට බියක්‌ දැක්‌වූ අතර ඔහු ද චීනයට ගියේ දුම්රියෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More