එම්.සී.සී ගිවිසුම මීලඟ පාර්ලිමේන්තුවේදී අහෝසි කරන බවට ජාතික ජනබලවේගයේ මැතිවරණ අපේක්ෂක විිජිත හේරත් මහතා විසින් කරනු ලබන ප්‍රකාශ ළදරු දේශපාලන ප්‍රකාශයක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.
එම සංගමයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ඒ පිළිබඳව ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් කියා සිටියේ අත්සන්කොට නැති සහ සම්මතකොට නැති ගිවිසුමක් පාර්ලිමේන්තුව මගින් අහෝසි කිරීමේ ප්‍රශ්නයක් පැන නගින්නේ නැති බවයි.
නමුත් එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමට පදනම දමමින් 2018 දී යහ පාලන ආණ්ඩුව විසින් මූලික එකගතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී විරෝධය පළ කළානම් දැන් ඒ ගැන කතා කිරීමට සදාචාර බලයක් ලැබෙන බව ඔහු සදහන් කරයි.
එදා විරුද්ධ නොවී අද ගිවිසුම අත්සන් නොකරන තත්වයක් යටතේ එය අත්සන් කරන බවට ව්‍යාජ පටු දේශපාලන ප්‍රකාශ සිදු කිරීම බාල වැඩක් බවද ඔහු සදහන් කරයි.
ජගත් චන්ද්‍රවංශ මහතා තව දුරටත් සඳහන් කරන්නේ නිකුත්කොට ඇති විද්වත් කමිටු මතයට අනුව වර්තමාන ආණ්ඩුවට කිසිසේත්ම එම ගිවිසුම අත්සන් කිරීමට දේශපාලන අවකාශයක් නැති බැවින් කුමන හෝ බලපෑමක් මත එය කළහොත් ඉතිහාසයේ බරපතලම දේශපාලන සිය දිවි නසා ගැනීම දැක ගත හැකි බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...