ක්‍රීඩා පුවත්

ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායම පන්දුව පළුඳු කිරීම සම්බන්ධයෙන් ලොවම අවධානයට ලක්‌ව සිටින මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසා සිටියේ අපේ ක්‍රීඩකයන්නම් කවදාවත් එසේ නොකරන බවට විශ්වාස බවයි.

ලබන 30 වැනිදා ආරම්භ වන සිව්දින පළාත් ක්‍රිකට්‌ ශූරතාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී මැතිව්ස්‌ වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මේ වගේ තරගාවලියක්‌ සංවිධානය කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ස්‌තුතිවන්ත වෙනවා. මම පෞද්ලිකව විශ්වාස කරනවා මෙවැනි තරගාවලියකදී හොඳම 60-70 එකට ක්‍රීඩා කිරීමෙන් ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට විශාල ශක්‌තියක්‌ ලැබෙන බව. ඒ ක්‍රීඩකයන්ට ලොකු වගකීමක්‌ තියෙනවා. අපි පසුගිය දවස්‌වල හුගක්‌ දේවල් දැක්‌කා. එක සිදුවීමක්‌ ඇති හානියක්‌ වෙන්න. පන්දුව පළුදු කිරීම වගේ සිදුවීම් අපේ ක්‍රීඩකයන් කවදාවත් කරලත් නැහැ කරන්නෙත් නැහැ කියලා විශ්වාසයි. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ගුණාංග රැක ගනිමින් ඉදිරියට යන්න මේක හොඳ අවස්‌ථාවක්‌.”

ආබාධ තත්ත්වය තවමත් සියයට සියයක්‌ සුව නොවීම හේතුවෙන් මහනුවර කණ්‌ඩායමේ නායකත්වය දරන ඇන්ජලෝ මැතිව්ස්‌ පළමු තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට උපනායක නිරෝෂන් දික්‌වැල්ල කණ්‌ඩායමට නායකත්වය ලබාදෙනු ලබයි. මේ අතර කොළඹ කණ්‌ඩායම දිනේෂ් චන්දිමාල් විසින්ද ගාල්ල කණ්‌ඩායම සුරංග ලක්‌මාල් විසින් සහ දඹුල්ල කණ්‌ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවනු ලබයි. නායකයන් සියලු දෙනාගේම පොදු මතය වුයේ මෙවැනි තරගාවලියක්‌ පැවැත්වීම ඉතාමත් වැදගත් බවයි.

පළාත් සිව්දින ක්‍රිකට්‌ තරගාවලියෙන් පසුව පළාත් සීමිත පන්දුවාර පනහ සහ විස්‌සයි විස්‌ස තරගාවලියක්‌ පවත්වන බවත් අගෝස්‌තු මාසයේ ලංකා ප්‍රිමියර් ලීග් විස්‌සයි විස්‌ස තරගාවලියක්‌ පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේය.

“නීතියට විරුද්ධ දේවල් කවදාවත් කරන්න එපා. සන්තෝෂයෙන් ගෞරවයෙන් මැදට ගිහිල්ලා සියයට සියයක්‌ කණ්‌ඩායමට ලබාදෙන්න. මේ තරගාවලිය තමයි තේරීම් කමිටුවේ විශේෂ අවධානයට යොමු වෙන්නේ. ඒ වගේම අපි ලබන අගෝස්‌තු මාසයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක්‌ පවත්වන්න සැලසුම් කරමින් ඉන්නවා. ඒකට අනිවාර්යයෙන් විදෙස්‌ ක්‍රීඩකයන්වත් ගෙන්වනවා. ඒ ගැන ඉක්‌මනින් සාකච්ඡා කරන්න වෙනවා.” යෑයි සුමතිපාල මහතා පැවසීය.

පළාත් සිව්දින තරගාවලියේදී වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයකු සෑම කණ්‌ඩායමකම 15 දෙනා අතර සිටිය යුතු වුවත් ඔහු ක්‍රීඩා කරනු ලබන්නේ දක්‍ෂතාව මත බව කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසයි. මේ අතර සංචිතවල නම් කර ඇති ක්‍රීඩකයන් අනුව අවසානයේ 15 දෙනා බැගින් තෝරනු ලැබුවත් ඉතිරිවන ක්‍රීඩකයන් සියලු දෙනා එක්‌ එක්‌ කණ්‌ඩායම්වල නායකයාට හෝ පුහුණුකරුට අවශ්‍යනම් ඉල්ලීමක්‌ මගින් ලබා ගැනීමේ ක්‍රමවේදයක්‌ද සකස්‌ කර තිබේ. ඒ අනුව මහනුවර පිලේ සිටින විසිවැනි ක්‍රීඩකයා එම කණ්‌ඩායමේ 15 අතරට ඇතුළත් නොවුණහොත් වෙනත් කණ්‌ඩායමක අවශ්‍යතාව මත ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව විවෘතව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්‌ක කරමින් මෙම තරගාවලිය විශේෂ අවධානයකට ලක්‌වන අතර දිවා රාත්‍රී සිව්දින තරග දෙකක්‌ ඇතුළත්ව තිබීමද විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More