දේශීය පුවත්

පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මඟින් අවිධිමත් ආකාරයෙන් සැපයූ ණය සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බලා විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ලංකා බැංකු සේවක සංගමය සමඟ ඊයේ (26) පැවැති සාකච්ඡාවේදී එම සංගමය විසින් කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙන් මෙම තීන්දුවට එළැඹුණු අග්‍රාමාත්‍යවරයා හැකි ඉක්මණින් එම කොමිසම පත් කරන බවටත් ප්‍රතිඥා දුන්නේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර පැවැති එම සාකච්ඡාවේ දී රාජ්‍ය බැංකුවල පවතින ගැටලු පිළිබඳ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එසේම රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයන් විශ්‍රාම යාමේ දී විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ අතර ඒ ගැන අධ්‍යයනය කිරීම සහ විසඳුම් ලබා දීම කමිටුවක් හරහා ඉක්මනින් සිදුකිරීමට අගමැතිවරයා තීරණය කළේය.

රාජ්‍ය බැංකුවල පවතින ඉහළ කළමණාකාරිත්වයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ද ලංකා බැංකු සේවක සංගමය විසින් කරුණු දැක්වූ අතර අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ඒ ගැන මුදල් අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන ලෙසයි.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර, වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ, ලංකා බැංකු සේවක සංගමයේ (Ceylon Bank Employees’ Union) සභාපති චන්න දිසානායක මහත්වරුන් ඇතුළු එම සංගමයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More