විදේශ පුවත්

ඉන්දියාවෙන් ගෙවුණු පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 17,000 ඉක්මවා වාර්තා වූ අතර ඒ සමඟ එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයින්ගේ සමස්ත ගණන 500,000 පසු කළේය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් සිවුවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවය.

නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගරවලින් ද දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද මේ වනවිට වේගයෙන් ඉහළ යන්නේ යැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ රුසියාවට පසු වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති. එබැවින් අන් සියල්ලටම වඩා වයිරසය පැතිර යෑම වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු යැයි එම විශේෂඥයන් මධ්‍යම ආණ්ඩුවට උපදෙස් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More