එළඹෙන මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තවත් පක්ෂයේ අර්බුධයකට මුහුණ දීමට සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී.
සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයෙන් නියෝගයක් දී තිබෙන බැවින් මහ මැතිවරණයට පෙර පුරප්පාඩුව තිබෙන නියෝජ්‍ය නායක ධූරය පුරවන ලෙස මේ වන විට පක්ෂ අභ්‍යන්තරයෙන්ම එජාප නායකයාට බලපෑම් එල්ල වෙමින් තිබේ.
මෙම ධූරයට එජාප උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවින් දිසානායක හා දයා ගමගේ යන මහත්වරුන් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටියද වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන්නේ මේ තිදෙනාටම නොදී තමාට සමීප තරුණ දේශපාලඥයෙකුට එම ධූරය ලබා දීමය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...