දේශීය පුවත්

දුම්බොන අලියෙක්

March 28, 2018 9:59 am | Lanka Lead News

වන අලියෙකුගේ මුවින් දුමක් වැනි දෙයක් පිටවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් දැකීමෙන් කුතූහලයට පත්ව සිටින ලොව පුරා වනජීවී විශේෂඥයෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටිති.

තත්පර හතළිස් අටක වීඩියෝ දර්ශනය රූ ගත කරනු ලැබ ඇත්තේ ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යාඥ විනෙයි කුමාර් විසිනි.

2016 අප්‍රේල් මස කර්ණාටක ප්‍රාන්තයේ ‘නගර්හෝල්’ වනයේ සිදු කළ නිල සංචාරයක් අතරවාරයේ එම දර්ශනය රූගත කරනු ලැබ ඇත.

“එහි ඇති වැදගත්කම හරිහැටි තේරුම් නොගත් බැවින්” අදාළ වීඩියෝ පටය ඒ දිනවල ප්‍රසිද්ධියට පත් නොකළ බව ඔහු බීබීසීයට අදහස් දක්වමින් සඳහන් කළේය.

අලියා සිය මුවින් දුම් පිඹින්නේ ඇයිදැයි යන්න මෙතෙක් තමන්ට පැහැදිලි නොමැති බව විද්‍යාඥයෝ පවසති.

“අපේ දැනුම අනුව, වන අලියකුගේ මේවගේ හැසිරීමක් ප්‍රදර්ශනය වෙන අවස්ථාවක් රූ ගත කෙරුණ පළමු අවස්ථාව මෙයයි. මේ සිදුවීම විද්‍යාඥයන්ට සහ ප්‍රවීණයන්ට ප්‍රහේලිකාවක්” යයි ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ සමාජය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“අඟුරු ආහාරයට ගැනීම”
ව්‍යාඝ්‍රයන්ගේ ඡායාරූප ගැනීම සඳහා සවිකර තිබුණ සඟවන ලද කැමරා නිරීක්ෂණය කිරීමට තමන් ඇතුළු කණ්ඩායමක් උදෑසන වනයට ඇතුල් වූ බව විනෙයි කුමාර් පවසයි. එහිදී මීටර් පනහක් පමණ දුරින් සිටි ඇතින්නියක තමන්ට දැක ගැනීමට ලැබුණු බව කී ඔහු එම දර්ශනය රූ ගත කළ බව සඳහන් කළේය.

මිනිස් අධීක්ෂණය යටතේ පාලනයකට අනුව ගිනි තබන ලද භූමි කොටසක ඉතිරිව තිබු “අඟුරු කොටස් අලියා විසින් ආහාරයට ගනු ලබන ආකාරයක් පෙනෙන්නට තිබුණු බව” ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

“ඇතින්න පොළොවේ තිබුණ නිවුන අඟුරු අනුභව කරන ආකාරයක් තමයි එදා අපට පෙනුනේ. ඇය හොඬයෙන් අළු ඇදලා මුවට ලං කරලා පිම්බා” විනෙයි කුමාර් පවසයි.

අදාළ වීඩියෝ දර්ශනය පරීක්ෂාවට ලක් කළ අලිඇතුන් පිළිබඳ ජීව විද්‍යාඥයෙකු වන වරුන් ආර් ගෝස්වාමි සිය තේරුම් ගැනීම මෙසේ විස්තර කළේය.

“ගිනි ගෙන දැවී ගිය පොලොව මතුපිට තිබු යමක් අහුලා ගෙන, එය බොහෝ විට දැවී අඟුරු වී ගිය කොටසක් ආහාරයට ගැනීමට උත්සාහ කළා වෙන්න පුළුවන්. එය ආහාරයට ගන්නා අවස්ථාවේ එහි තිබු අළු පිටතට පිම්බා විය හැකියි”

අඟුරු තුළ අඩංගු ඖෂධීය ගුණය සලකමින් ලැව්ගිනි සහ අකුණු ගැසීමෙන් පසු ඉතිරිවන අඟුරු කොටස් ආහාරයට ගැනීමට වන සතුන් යොමු විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More