දේශීය පුවත්

වර්තමාන ඩොලර් මිලියන 480 ප්‍රදානය යටතේ කිසිදු MCC ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සම්ප්‍රේෂණය හෝ වියදම් කිරීමක් සිදුවී නොමැති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, MCC ගිවිසුමේ සූදානම්වීමේ ක්‍රියාකාරකම් සඳහා වූ අරමුදල් ප්‍රදානය සම්බන්ධයෙන් රජයේ තීරණය ලැබෙන තෙක් එය අවලංගු කර හෝ දින නියමයක් නොමැතිව කල්දමා තිබෙන බවය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව ඊයේ බාර දෙමින් කමියු සාමාජිකයන් විසින් කල ප‍්‍රකාශයක් හේතුවෙන් මෙම සටහන දක්වා ඇත.

කෙසේ නමුත් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවියේ දැක්වෙන්නේ 2018 ජූනි මස 13 වන දින කොළඹ දී MCC ගිවිසුමට අදාළව ඩොලර් මිලියන 7.4 ක ශ‍්‍රී ලංකා රජයට ප්‍රධාන කළ බවයි.

මූලාශ්‍ර  මෙතනින්

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More