දේශීය පුවත්

අලිමංකඩදී යුද හමුදා සාමාජිකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (26) තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.

ඒ  “මොකද වුණේ” වැඩසටහන සමඟ එක්වෙමිනි.

තමාට විරුද්ධව සිංහල ජනතාවගේ සිත් තුළ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගීමට සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍යව ඇති බවත් එමඟින් සිංහල ජනතාවගේ ඡන්ද ලබා ගැනීමට ඔහු උත්සාහ කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ තමාට අවි ආයුධ සහ මුදල් ලැබුණු බවත් එම අවි ආයුධ භාර ගත්තේ ද තමන් විසින් බවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා හෙළිදරව් කළේය.

එසේම තමන් කිසිවිටෙකත් යුද හමුදාවට අපහාස වන ආකාරයෙන් කතා නොකළ බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙනයනු ලබන වැඩපිළිවෙල තමන් අගය කරන බවත් ඒ මහතා පැවසීය.

එසේම ඉදිරි මහ මැතිවරණයෙන් ජය ලබා තමන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More