දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ  සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමක් එල්ල නොවූ  බව කමිටු සභාපති ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

අන්තර්ජාල යූ ටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් ගුණරුවන් මහතා පෙන්වා දෙන්නේ ස්වාධීනව තම කණ්ඩායමට ගිවිසුම අධ්‍යයනය කර  අවසන් වාර්තාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලබා දීමට හැකියාව ලැබුණු බවය.

විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කළ බවත්, පසුගිය රජය 2017  සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවත්  ලලිතසිරි ගුණරුවන් මහතා පෙන්වා දුන්නේය.

ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ද ඔහු කීය.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවත් එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බවත් නිරීක්ෂණය වී ඇතැයි ඔහු අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More