පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සම්බන්ධ, අසම්පූර්ණ විමර්ශන ලිපිගොනු 40ක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැවත වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ.
නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටියේ, ඒ සම්බන්ධ පරීක්ෂණ නිසි ලෙස අවසන් කරන ලෙස ද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවය.
ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් විවිධ පොලිස් ස්ථාන විසින් විමර්ශන වාර්තා ගණනාවක් නීති උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. සම්පුර්ණ කරන ලද පරීක්ෂණ ලෙස බොහෝ වාර්තා ඉදිරිපත් කර තිබුණද ඒවා අසම්පූර්ණ බවත් එම වාර්තා පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් ඇය පැවසුවාය.
විමර්ශනවල සම්පූර්ණ නිගමනය සහතික කර එම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
2019 අපේ‍්‍රල් 21 වන දින ශ්‍රී ලංකාවේ හෝටල් 03ක සහ දේවස්ථාන 03ක් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට වැඩි පිරිසක් මියගොස් 500 ක් තුවාල ලැබූහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...