දේශීය පුවත්

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟත් කේවට්ටයින් සිටින බව නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය.

“අපි රට ගැන හොයලා බලලා රටේ ප්‍රශ්න හොයලා බලලා ජනතාවගේ ප්‍රශ්න හොයලා බලලා අපි කටයුතු කරන්න අපි ඔහුට උපදෙස් දෙන්න ඕනෑ. නමුත් අපිට පේනවා සමහර අවස්ථාවලදී ඔහු ළඟ ඉන්න අනුගාමිකයෝ ඇතැමුන් මං ඔක්කොම ගැන කියන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ළඟත් ඉන්නවා කේවට්ටයෝ ඉන්නවා”

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ එවැනි පුද්ගලයින්ගෙන් පරිස්සම් වුවහොත් රටේ කටයුතු හොඳින් කරගෙන යා හැකි බව ය.

“නොයෙක් චර පුරුෂයෝ ඉන්නවා. ඒනිසා, ඔවුන්ගෙන් පරිස්සම් වුණොත් ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමන්ට මේ රට හොඳට කරගෙන යන්න පුළුවන් වෙනවා”

ජනතාවගේ ප්‍රශ්න ගැන සොයාබලා කටයුතු කිරීමට ජනාධිපතිතුමාට නිසි උපදෙස් දිය යුතු බව ද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“ඔබ බලාපොරොත්තු වෙච්ච අපේක්ෂා කරපු නායකයා දැන් පත්වෙලා තියෙනවා.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වෙලා තිබෙන්නේ. අපිට ඕනෑ කරන ජනාධිපතිතුමෙක් පත්වුණා කියලා මේ රට හදන්න පුළුවන්කමක් නෑ. හැම ජනාධිපතිවරයකුටම හැම රාජ්‍ය නායකයකුටම සිද්ධ වුණේ මොකක්ද? ඔහු ළඟ ඉන්න පුරෝහිතයින්ගේ කේවට්ටයින්ගේ කතා ආසා වැඩ කරන්න ගිය නිසා තමයි ඕකොටම වැරදිලා තියෙන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More