දේශීය පුවත්

වියත් මගත් සමග ගමනක් යන්න උත්සාහ කළ  ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන දේ කරන්න ලැබුණෙ බවත් , නොපෙනන හස්තයක් විසින් එතුමාගේ බලාපොරොත්තු ඉටු කර ගන්න ​ඉඩ ලබා නොදෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි.

බේරුවල පැවති ජනහමුවකට එක්වෙමින්   හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

‘‘දැන් වියත් මගත් එළියත් දෙකම නෑ. ගෝඨාභය මහත්තයා හිතන ගමන යන්න බැහැ. ඒක එක්තරා හස්තයකින් නතර කර තිබෙනවා. වියත් මග බොරු මවා පෑමක්. ටෙලි නාට්‍යයක් විතරයි. ආයෙත් අර පරණ සෙට් එක එළියට බහිනවා.

මහින්ද රාජපක්ෂ කියන්නෙ වාර දෙකක් රට පාලනය කළ කෘතහස්ත දේශපාලනඥයෙක්. අත්දැකීම් තියෙන කෙනෙක්. නමුත් එතුමල පසුගිය කාලෙ කියපු දේවල් කරන්න පුළුවන් වුණාද? දැන් ජනතාවගේ කුස්සියේ බර ඉතා තදින් දැනෙනවා. අත්‍යවශ්‍ය ආහාර, සහල් ඉන්ධන මේ හැම දේකම මිල ජනතාව නොසිතන ලෙස ඉහළ දාලා ජනතාව නොමරා මරන තත්ත්වයකට පත් වෙලා. මේ ආණ්ඩුව ෆේල්. එක දෙයක් හරියට කර ගන්න බැරි වුණා. ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් නෑ. ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ගැන ජනතාව තුළ තිබුණ සිහිනය සුනුවිසුනු වෙලා ජනතාව අහසින් පොළොවට වැටිල ඉවරයි.

හමුදාව දාලා හැම දේම කරන්න බෑ. ආරක්ෂක අංශයට, විශ්‍රාමික හමුදාවට, ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් රාජ්‍ය පරිපාලනය හමුදාව දාලා කරන්න බෑ. සහල් මිල සම්බන්ධයෙන් එක හමුදා නිලධාරියකු ෆේමන්ට් එකේදී එක වෙළෙන්දෙකුට කන පැලෙන්න ගහනවා කිව්වා. සහල් ගබඩා ගැන, මහා උජාරුවෙන් කතාකළා. නමුත් ඩඩ්ලි සිරිසේන මහතා ළඟ දණ ගහලා වැටුණා.

හමුදාව දාලා අමාත්‍යාංශ කරන්න පුළුවන් නම් පරිපාලන නිලධාරීන් අවශ්‍ය නැහැ. පරිපාලන සේවයක් අවශ්‍ය නැහැ. එහෙම නම් පරිපාලන සේවයට මුදල් වැය කරල උගන්වන්න අවශ්‍ය නෑ.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More