පාස්කු කොමිසමේදී විවිධ තරාතිරමේ පුද්ගලයින් ලබාදෙන සාක්ෂි හේතුවෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂක රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරන් විසින් සහරාන් හෂීම් සමග සිදුකල ගනුදෙනු පිළිබඳව හෙළිවීමත් සමගම දැඩි ලෙස කලබලයට පත්ව සිටින සමගි ජන බලවේගය සිය නියෝජිතයන් දෙදෙනෙකු වහාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවට යවා තිබේ.
මෙසේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවට යවා ඇත්තේ ශිරාල් ලක්තිලක සහ සුජීව සේනසිංහ යන නියෝජිතයන් දෙදෙනා බව The Leader වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ජනාධිතිවරණ විමර්ශන කොමිෂන් සභා දෙකක් සදහා ජාතික ජනමාධ්‍ය ආයතන හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන මේ වන විට පුළුල් ප්‍රචාරය ලබා දෙමින් ඇති බවත්, ජනාධිපති කොමිසන් සභා වෙත පැමිණෙන චූදිතයින්, දේශපානලඥයින්, ආධාරකරුවන්, නරඹන්නන් විසින් අදාළ පරිශ්‍රයේ සිට ‘වොයිස් කට්’ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් නීතිඥ සජීව සේනසිංහ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්වා දී ඇති බවයි The Leader වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් “සමගිජන බලවේගය විනාශ කිරීමේ වොයිස්කට් නාටකය” පාලනය කිරීම සදහා පියවර ගන්නා මෙන් සමගි ජන බලවේගයේ නියෝජිතයින් දෙදෙනා මැතිවරණ කොමිෂමෙන් කාරුණිකව ඉල්ලා ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක පැවසුයේ, තම පක්ෂය ඉදිරිපත්කල කරුණු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පිළිගත් බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...