දේශීය පුවත්

මැතිවරණ කොමිසම නියෝග ලබා දෙන්නේ කිසිදු පදනමක් රහිතව බව අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (25 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය.

මැතිවරණ කොමිසම මීට වඩා සාධාරණ ලෙස අපේක්ෂකයන් දිහා බැලිය යුතුයි. ඔවුන්ගේ ඇතැම් උපදෙස් කිසිදු පදනමක් නැහැ. එය සිදු වුණේ 19 වැනි සංශෝධනය නිසා. මැතිවරණ කොමිසමේ සිටින තිදෙනාගේ අදහස් තුන් විදියක්. ඒ අනුව මැතිවරණ කොමිසම සාධාරණ වෙන්නේ කොහොමද?

මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් දැන් කියන්නේ අපේ අංකය කාර්යාලය ඉදිරිපිටවත් ප්‍රදර්ශනය කරන්න බැහැ කියලා. අපේ අංකය ජනතාව දුටු විට කොරෝනා හැදෙයි කියලද එහෙම කියන්නේ කියන ප්‍රශ්නය දැන් අපට තිබෙනවා.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More