මතභේදයට තුඩු දී තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් නොකරන බවට රජයේ සම කැබිනට් ප්‍රකාශකවරුන් වන බන්දුල ගුණවර්ධන හා රමේෂ් පතිරණ යන මහත්වරුන් ප්‍රකාශ කළද MCC ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පිහිටුවා තිබෙන කාර්යාලයේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු ඇතුළු 66 දෙනෙකු රාජකාරි කරන බව හෙළිදරව් වී තිබේ.
අගෝස්තු 05 මහ මැතිවරණයෙන් පසු MCC ගිවිසුම පිළිබඳව රජය සිය ස්ථාවරය ප්‍රකාශ කරන බව පොරොන්දු වූ බව ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව අගෝස්තු 31 අවසන් වීමට පෙර මෙම ගිවිසුම සම්බන්ධයෙන් වැඩකටයුතු අවසන් වන බවද ඇය ප්‍රකාශ කොට තිබේ.
MCC ගිවිසුම පිලිබඳ සමාලෝචනය කිරීමට පත්කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ මුලිකත්වයෙන් යුත් කමිටුව මේ වන විට සිය වාර්තාව ජනාධිපතිට ලබා දී තිබේ.
ඉන් මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද අහිතකර බලපෑම් ඇති කරන බව පෙන්වා දී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...