දේශීය පුවත්

එම්.සී.සී. ගිවිසුම් (MCC) කෙටුම්පතේ අහිතකර පලවිපාක රැසක් පවතින බවත් මෙම ආකෘතියේ ගිවිසුම් හේතුවෙන් හොන්ඩියුරාස් හා මැඩගස්කර් වැනි රටවල් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් එම ගිවිසුම පිළිබඳව සමාලෝචනය කිරීමට පත් කළ කමිටුව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ආචාර්ය ලලිත සිරි ගුණරුවන් ප්‍රමුඛ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දෙමින් මේ බව සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවේ පැවැති සාකච්ඡාවේ දී කමිටු සාමාජිකයන් පෙන්වා දී ඇත්තේ ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි බවයි. එසේම සාමාජිකයන් දෙදෙනකුට ඕනෑම කොන්දේසියක්, ලිපියක් මගින් වෙනස් කිරීමට හැකියාවක් ඇති බවත් එවැනි තීරණයක් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් වන බවත්ය. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණයක් ඉදිරියට යෑමට නොහැකි බවත් කමිටුව පෙන්වා දී තිබේ. මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ කමිටුවේ ප්‍රධානී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් විදේශයන් හි ක්‍රියාත්මක කළ මෙවැනි ගිවිසුම් හේතුවෙන් එම රටවලට අත්ව ඇති ඉරණම පිළිබඳව අදහස් පළ කළේය.

මේක ක්‍රියාත්මක කළ හුඟක් තැන්වල විදේශිකයෝ ඉඩම් ටික ඩැහැගත්තා. මැඩගස්කරයටයි හොන්ඩ්‍යුරාස්වලටයි වුණේ ඒක. මේකෙ ප්‍රදානයක්. අතරමග නතර කරන්න ඔවුන්ට පුළුවන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියල හරි, හිමිකම් උල්ලංඝනය කළා කියල හරි නවත්තන්න පුළුවන්. නමුත් ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක වෙනවා. මැඩගස්කරවලයි හොන්ඩ්‍යුරාස්වලයි වුණේ ඒක. ඉඩම් ටික ඔක්කොම ඒගොල්ලන්ට ගියා. දීපු සල්ලිවලින් සියයට විසිපහක් තිහක්වත් රටට ආවේ නැහැ. හැබැයි ඒගොල්ලන් පිටමං කරන්න විදියක් නැහැ. ඒකට ඕන කොන්දේසි ටික නූල් බෝලයක් වගේ ගැටගහල තියෙනවා. අපි වගේ රටකට ආධාරයක්, ප්‍රදානයක් විතරක් නිසා මේක වැදගත් කියලා යමෙකුට කියන්න පුළුවන්. හැබැයි ආධාරයක් එක්ක හදපු ගෙදර දොරේ යතුර අපි එයාලට දෙන්න ඕනේ. ඒකයි කොන්දේසිය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීම සඳහා අත්සන් කිරීමට යෝජිත මෙම එම්.සී.සී. ගිවිසුමේ මූලික අදියර දෙකකට 2017 සහ 2018 වර්ෂවලදී පසුගිය ආණ්ඩුව අත්සන් කර ඇති බවත් මෙහි දී අනාවරණය විය. ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් මෙරටට ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තර කිසිවක් නැති බවත් ආචාර්ය ගුණරුවන් මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම කමිටු වාර්තාව ජනතා අවධානයට යොමු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More