දේශීය පුවත්

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ (එම්.සී.සී* මෙරට ප‍්‍රසම්පාදන කටයුතු සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය එම වෙබ් අඩවිය හරහා කැඳවීම් කර තිබෙන බව අපේ ජන බල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමියෝ ඊයේ (25දා)ප‍්‍රකාශ කළහ.

ඇමෙරිකානු තානාපති කාර්යාලය ගෙන ඇති මෙම තීන්දුව රජයේ අනුමැතිය සහිතව කළ දෙයක්ද, එසේ නොමැති නම් ඇමරිකානු රජය රටේ ස්වෛරීත්වය සහ ආණ්ඩුව නොසලකා එම ගිවිසුම බලහත්කාරයෙන් පැටවීමක්ද යන්න රජය රටට හෙළි කළ යුතු බව උන්වහන්සේ කීහ.

රජයේ එකඟතාවක් නොමැතිව ඇමරිකා එක්සත් ජනපදය මෙවැනි තීන්දුවක් ගනීවිදැයි ප‍්‍රශ්නයක් පැන නගින බව කී උන්වහන්සේ මහ මැතිවරණයෙන් අනතුරුව මෙම ගිවිසුම ක‍්‍රියාවට නැංවීම සඳහා වත්මන් රජය සහ ඇමරිකානු රජය එකඟතාවක සිට ඇති බවට සැකයක් මතුවන බවත් පැවැසූහ.

එහෙත් කොරෝනා වසංගතය නිසා ආණ්ඩුවට මහමැතිවරණය නිසි කලට පැවැත්වීමට නොහැකි වූ හෙයින් ඇමරිකානු එක්සත් ජනපදය යොදාගත් පරිදි න්‍යාය පත‍්‍රය අනුව සිය පාර්ශ්වයේ කටයුතු කරගෙන යන බවක් මෙමගින් හැඟී යන බව අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

ආණ්ඩුව තුනෙන් දෙකක බලය ඉල්ලන්නේ ජනාධිපති වේදිකාවේ පතුරු ගැසූ මෙම ගිවිසුම ක‍්‍රියාවට නංවන්න ද යන සැකය බරපතළ ලෙස මතුව ඇති බව සඳහන් කළ රතන හිමියෝ මෙම තොරතුරු ඇත්තද නැද්ද යන්න ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුව ඇති බව අවධාරණය කළහ.

අපේ ජන බල පක්ෂය නායක ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක අතුරලියේ රතන හිමියෝ ඊයේ එම අදහස් පළ කළේ

රාජගිරිය ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණේ පැවති මාධ්‍ය හමුවකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More