විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අලිමංකඩදී යුද හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක කතාවට අදාළව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය හතක ප්‍රකාශයක් ලබාදුන්නේය.
එම ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් කිසිවිටෙකත් ශ්‍රී ලංකා හමුදාව අවතක්සේරු නොකරන බවය.
එල්.ටි.ටි.ඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයාව සිටි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා අම්පාර ප්‍රදේශයේදි යුද හමුදා සාමාජිකයින් ඝාතනය කිරීමේ සිද්ධියක් පීළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
“මම වුණු සිද්ධිය කියලා තියෙනවා. කිසිම වැරදි ආකාරයේ ප්‍රකාශයක් මම කළේ නැහැ. කාවවත් රිද්දන්න දේශපාලන ප්‍රචාරයක් මම කළේ නැහැ. මේක මාධ්‍යයෙන් ආපු පොඩි දෙයක්. මේ රටේ ජනතාවට අපි ආදරෙයි අපි ප්‍රචණ්ඩත්වයෙන් හා වර්ගවාදයෙන් තොරව මැතිවරණ ප්‍රචාරය දිගටම කරගෙන යනවා.“

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...