දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පවුල්වලින් 30%ක් පසුගිය මැයි මාසයේදී ආහාර පරිභෝජනය අඩුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (UNICEF) සංවිධානය අනාවරණය කරයි.

කොවිඩ් වසංගතය අතරතුර බිඳවැටුණු ආර්ථිකය හමුවේ දකුණු ආසියාතික දරුවන්ගේ පෝෂණය පිළිබඳව යුනිසෙෆ් විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල ඔස්සේ මෙම තොරතුරු අනාවරණය කර ඇත.

එම සමීක්ෂණ ප්‍රතිඵල වැඩිදුරටත් අනාවරණය කරන ආකාරය ශ්‍රී ලංකාවේ පවුල්වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අදාළ කාලසීමාවේ මස්, මාළු, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර පරිභෝජනය අඩු කර ඇත.

එසේම පවුල් 54%ක් පලතුරු සහ එළවළු පරිභෝජනය අඩු කර ඇත.

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 39%ක් කොවිඩ් වසංගතයට පෙර සිටම යකඩ බහුල ආහාර පරිභෝජනය නිසි පරිදි සිදුනොකරන බැවින් මැයි මාසයේ සිදුව ඇති මෙම වෙනසත් සමග දරුවන් අතර ඇති මන්දපෝෂණ අනුපාතය නරක අතට හැරෙනු ඇතැයි ද යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණය පිළිබඳව සලකා බලනවිට රජය විසින් ආර්ථික අසීරුතාවන්ට පත් පවුල්වලට ලබාදෙන රුපියල් 5000 දීමනාව පැසසිය යුතු වැඩසටහනක් ලෙස දක්වන යුනිසෙෆ් සංවිධානය ළමා යහපැවැත්ම වෙනුවෙන් එය තවත් මාස 6ක කාලයක්වත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More