දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් “කරුණා අම්මාන්“ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.
කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මෙන්න උපකාරක පන්ති ගුරුවරයකු වන බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් “කරුණා අම්මාන්“ සහ වැඩ බලන පොලිස්පතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් 19 වන දා දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ කරුණා අම්මාන් තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමා අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයක දී හමුදා සාමාජිකයින් 2000 ක් 3000ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවය.
මෙම ප්‍රකාශය තුළින් කරුණාඅම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවද පෙත්සම්කරු සඳහන් කර තිබේ.
සාක්ෂි ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් බවද පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...