හරින් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරුතුමාට එරෙහිව ප්‍රසිද්ධියේ සිදු කළ අපහාසය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා විසින් අගරදගුරුතුමාගෙන් සමාව අයැදීම හරින්ගේ අපහාසයට එහා ගිය විහිළුවක් බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසීය.
අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ පිහිටි සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පෙරේදා (23 වැනිදා) සවස පැවති මාධ්‍ය හමුවකදී ඒ ඔහු මේ බව කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහාචාර්යවරයා මෙසේද කීවේය.
හරින් ප්‍රනාන්දු මේ රටේ ජාතික බලවේගය නියෝජනය කරන ධාරාවේ තවත් පුරුකක්. පසුගිය අවුරුදු පනහක හැටක කාලයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ට දිගින් දිගටම අපහාස කිරීම සිදුකළා. සර් ජෝන් කොතලාවල මහත්තයත් ඔය විදිහටම ආගමික නායකයින්ට අපහාස කළා.ඒ වගේම මෑතකදී රවි කරුණානායක මහතාත් මහා සංඝරත්නයට අපහාස කර තිබුණා.ඒකෙම දිගුවක් හැටියට තමයි අපි දකින්නෙ හරින් ප්‍රනාන්දු කාදිනල් හිමිපාණන්ට සිදු කළ අපහාසය. ඒ ගැන අපි කනගාටු වෙනව. ඒ වගේම ඔය කණ්ඩායම ඉදිරියේදීත් ආගමික නායකයින්ට අපහාස කිරීමට ඉඩ තිබෙනවා. අපි ඒ ගැන පුදුමයට පත්විය යුතු නෑ. අගරදගුරුතුමා පසුගිය වසර ගණනාවක කාලයක සිට නිර්පාක්ෂිකව මේ රටේ ජනතාව මුහුණ දුන් ප්‍රශ්නවලදී. එම ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...